භානුක අමරසිංහ
බෙලරුසයේ ජාතික ගුවන් සේවය වන Belavia ගුවන් සේවය ශ්‍රී ලංකාවට ඍජු ගුවන් ගමන් ආරම්භ කිරිමට සූදානමින් සිටින බව පවසයි. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගියදා Belavia ගුවන් සේවයේ නියෝජිතයන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් අතර එම අධිකාරියේදී පැවැත්වී තිබේ.
Belavia ගුවන් සමාගමේ නව ව්‍යාපාරික සැලසුම් සහ ශ්‍රී ලංකාවත් සමගින් පවතින අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ. මෙම අවස්ථාව සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න සහ එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී රෙහාන් වන්නිඅප්පා ඇතුළු නිලධාරීන් සහභාගි වී තිබේ.
විදේශ අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ (යුරෝපය සහ උතුරු ඇමෙරිකාව) කෞමදී විජේසිංහ මහත්මියගේ සම්බන්ධීකරණයෙන් මෙම සාකච්ඡාව පැවැත්වී තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1880
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බෙලරුසයේ Belavia මෙරටට ඍජු ගුවන් ගමන් ඇරඹීමට සැරසෙයි