IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බිල්පත් පොලියේ අඩු වැඩි වීමක්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඊයේ (23) පැවැති අතර එහිදී දින 91 සහ දින 182 පොලී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වී තිබුණි. එමෙන්ම දින 364 කල්පිරෙන බිල්පත් පොලියෙහි පහළ යාමක් පෙන්නුම් කළේය.

ඒ අනුව දින 91 බිල්පත් පොලිය සියයට 7.59 සිට සියයට 7.62 ක් දක්වා සහ දින 182 බිල්පත් පොලිය සියයට 7.96 සිට සියයට 7.98 ක් දක්වා ඉහළ යාමක් පෙන්නුම් කළේය. එමෙන්ම දින 364 බිල්පත් පොලිය සියයට 8.31 සිට සියයට 8.29 ක් දක්වා පහළ ගොස් තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබුණු මෙම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා රු. මිලියන 115,000 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඊට රු. මිලියන 231,383ක ලංසු ලැබී තිබුණි. එතරම් ලංසු ඉදිරිපත්වුවත් මෙහිදී පිළිගෙන තිබුණේ රු. මිලියන 95,617 ක බිල්පත් ප්‍රමාණයකට සරිලන ලංසු පමණි.



අදහස් (0)

බිල්පත් පොලියේ අඩු වැඩි වීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 554 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site