
විමුක්ති එස් රුද්‍රිගු
බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්‌ඩලීය පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම සමග හමුවක් පැවැති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ඊයේ (21) ප්‍රකාශ කළේය.
එම හමුවට මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ද සහභාගි වූ බවත් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම පාර්ලිමේන්තු සබඳතා ද ශක්තිමත් කර ගැනීම එම හමුවේ අරමුණ වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. හමුවේදී වෙළෙඳ සහ ආයෝජන, මෙරට ආර්ථිකය යථා තත්වයට පත්කර ගැනීම, වගවීම සහ මානව හිමිකම්, පශ්චාත් යුද සමයේ ප්‍රගතිය, සංචාරක ක්ෂේත්‍රය සහ ඩිජිටල් පරිවර්තනය යන කරුණු පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන රාශියකට තීරුබදු රහිතව ලබන වසරේ සිට බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට ප්‍රවේශ වීමට අවස්ථා ලබාදීම පිළිබඳව ද එහිදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමට මෙන්ම මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාට ද ස්තුතිය පළ කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රිතාන්‍ය-ලංකා වෙළෙඳ ආයෝජන සබඳතා තර කරන්න සාකච්ඡා