IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බිඳ වැටුණු මූල්‍ය සමාගම් හතක තැන්පතුකරුවන්ට රු.බි. 31ක වන්දි ගෙවලා

 

2024 අවසන් වනවිට තැන්පතුකරුවන් 74,440කට වන්දි මුදල් ගෙවා අවසන්
වන්දි මුදල් ගෙවූ වැඩිම සංඛ්‍යාව ද ෆිනෑන්ස් පීඑල්සීහි  තැන්පත්කරුවන් 36,479 කට


භානුක අමරසිංහ


මේ දක්වා කාලය තුළ බිඳ වැටුණු, මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය සමාගම් හතක තැන්පතුකරුවන්ට පසුගිය වසර අවසන් වනවිට රුපියල් බිලියන 31 ක් (රු.මිලියන 31,364.33 ක) වන්දි මුදල් ගෙවීමට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙන් පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍ර අවලංගු කර ඇති හෝ අත්හිටුවා ඇති සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL), ද ස්ටෑන්ඩර්ඞ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් (TSCFL), ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ් (TKSFL), ද ෆිනෑන්ස් පීඑල්සී (TFC), ETI ෆිනෑන්ස් ලිමිටඩ් (ETIFL), ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී (SFSP) සහ බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී  (BFP) යන මූල්‍ය සමාගම් හතෙහි (07) තැන්පතුකරුවන් වෙත මේ දක්වා එම වන්දි මුදල් ගෙවීම සිදු කර තිබේ.
තැන්පතු රක්ෂණය යනු මූල්‍ය ආයතන බිඳ වැටීම හේතුවෙන් තැන්පතුකරුවන්ට ඇති විය හැකි අලාභවලින් පූර්ණව හෝ අර්ධ වශයෙන් මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන් රැක ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන යාන්ත්‍රණයකි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනතේ බලතල ප්‍රකාරව නිකුත් කළ විධාන යටතේ, 2010 අංක 01 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රම රෙගුලාසි යටතේ, අනිවාර්ය තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයක් ලෙස 2010.10.01 දින සිට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කරයි. 
මෙම තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය මගින් එක් තැන්පත්කරුවකුට සිය තැන්පතු මුදලින් රුපියල් 1,100,000ක් උපරිමයක් දක්වා වන්දි ලබා ගැනීමට සුදුසුකම් ලබයි. 
ඒ අනුව 2024 දෙසැම්බර් 31 වැනිදා වනවිට සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී තැන්පත්කරුවන් වෙත රුපියල් මිලියන 1,996.15ක්ද, ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් තැන්පත්කරුවන් වෙත රුපියල් මිලියන 1,322.31ක්ද, ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඞ් තැන්පත්කරුවන් වෙත රුපියල් මිලියන 1,074.31ක්ද ලෙස වන්දි ගෙවා තිබේ.
එසේම වන්දි ගෙවා ඇති වැඩිම තැන්පත්කරුවන් පිරිස වන්නේ ද ෆිනෑන්ස් පීඑල්සී තැන්පත්කරුවන් 36,479 වන අතර, පසුගිය වසර අවසන් වන විට ඔවුන්ට රුපියල් මිලියන 12,958.25ක වන්දි ගෙවා තිබේ. 
මීට අමතරව ETI  ෆිනෑන්ස් ලිමිටඩ් තැන්පත්කරුවන් 27,174ක් සඳහා රුපියල් මිලියන 12,872.30ක්ද, ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී තැන්පත්කරුවන් 2,695ක් වෙත රුපියල් මිලියන 1,139.96ක් ලෙසද වන්දි ගෙවා තිබේ. බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී තැන්පත්කරුවන් 35 දෙනකු සඳහා 2024 වසර අවසන් වනවිට රුපියල් මිලියන 1.05 ක වන්දි ගෙවා තිබේ.
2024 වසර අවසානය වන විට, මෙම යෝජනා ක්‍රමය රුපියල් මිලියන 136,876.8 ක (විගණනය කරන ලද) මුළු අරමුදල් ප්‍රමාණයක් සහිත ව සාමාජික ආයතන 62කින් සමන්විතව පවතී.

 



අදහස් (0)

බිඳ වැටුණු මූල්‍ය සමාගම් හතක තැන්පතුකරුවන්ට රු.බි. 31ක වන්දි ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site