සඳලංකාව - හේමලතා ඩී. හේවගේ
වර්තමානය වන විට ජනතාව බොහොමයක් අධික පිරිවැයක් දරමින් ගෙවතු සහ ගෘහ අලංකරණය සඳහා විවිධ ද්‍රව්‍ය උපයෝගී කර ගනිති. ඒ අතරින් ශාක වර්ගවලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. නාගරික පරිසරයක පිහිටා ඇති කුඩා භූමියකින් යුත් නිවාසවල විශාල ප්‍රමාණයේ ගෙවතු නොමැතිකම හා මහල් නිවාස වැනි ස්ථාන වාස භූමි කරගත් ජනතාව තම ගෘහ අලංකරණයේදී අධික මිලෙන් යුත් කුඩා ප්‍රමාණයේ ශාක වර්ගයන් යොදා ගනිති.
මෙම කුඩා ප්‍රමාණයේ ශාක වශයෙන් බොහෝ පිරිසක් මිලදී ගනු ලබන්නේ බොන්සායි ක්‍රමය යටතේ වගා කරන ලද ශාක වේ. බොන්සායි යනු ජපන් ජාතිකයන් විසින් හඳුන්වා දුන් කලාත්මකව නිර්මාණය කරනු ලබන කුඩා ගස් වගා කිරීමේ ක්‍රමවේදයකි.
බොන්සායි ශාකවල මූලාරම්භය චීනයයි. ඔවුන් මෙම ක්‍රමය හඳුන්වා දී ඇත්තේ පෙන්සායි කලාව ලෙසිනි. පසුව ජපානය මෙය බොන්සායි යන නාමයෙන් ලොව පුරා ප්‍රචලිත කර ඇත. බොන්සායි යනු පැතලි බඳුනක් මත වගා කරන රූස්ස ගසක් යන අරුතයි. එහෙත් පැතලි බඳුන් මත වගා කරන සියලුම ශාක වර්ග බොන්සායි ශාක නොවේ. බොන්සායි ශාකයක තිබිය යුතු ලක්ෂණ මෙහි ඇතුළත් විය යුතුව ඇත.
ජපානය විසින් හඳුන්වා දෙනු ලැබූ බොන්සායි කලාව වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළද ව්‍යාපාරික වගාවක් ලෙස ආරම්භ කළ පිරිස් ද බොහෝමයක් සිටිති. නියමිත ප්‍රමිතියට මෙම ශාකයක් වැඩීම සඳහා වසර ගණනාවක් ගතවන බවත් වසර ගණන් පැරණි එම ශාකවල මිලද ඉතා ඉහළ බව ශ්‍රී ලංකා බොන්සායි සංගමයේ විධායක කමිටු සාමාජිකයෙක් වන අමිල තිලකරත්න මහතා පැවසීය.
සාර්ථක බොන්සාහි වගාවක් පවත්වාගෙන යන අමිල තිලකරත්න මහතා මෙම වගාව පිළිබඳව අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.
“කලාවක් ලෙස ආරම්භ වුණු බොන්සායි වගාව අද වන විට මුදල් උපයන මාර්ගයක් බවට පත්වෙලා තියෙනවා. මෙය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම ආරම්භ වෙලා දැන් දශක තුනකට වැඩියි. මුදල් ඉපයීම වගේම අධ්‍යාපනික ක්ෂේත්‍රයට, සමාජීය, සෞඛ්‍ය, සෞන්දර්යාත්මක ක්ෂේත්‍රවලටද මෙම බොන්සායි කලාව යොදා ගැනීමට අද හැකිවෙලා තියෙනවා.
ව්‍යාපාරික බොන්සායි කලාව ගත්තාම අද වන විට ඉහළ ඉල්ලුමක් හා විශාල වටිනාකමක් තියෙනවා. වර්තමාන තරුණ පරපුර වැඩි වශයෙන් මෙම ව්‍යාපාරය තුළ නිරත වෙලා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට දායක කරගෙන තියෙනවා. බොන්සායි ශාකවල වටිනාකම තියෙන්නේ ඒ ශාකයේ ඇති හැඩය හා වයස අනුවයි. මගේ ළඟ තියෙනවා අවුරුදු 18 ක් විතර වෙන බොන්සයි ශාකයක්. ඒකෙ වටිනාකම රුපියල් ලක්ෂ විසිපහක් විතර වෙනවා. ඒ ශාකය එවැනි මිලකට දුන්නේ නැත්නම් පාඩුයි. මොකද අවුරුදු 18 ක් මම ඒ ශාකය නඩත්තු කරලා රැකබලා ගන්න ඕනා. එතකොට මට විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. එක් එක් ශාකයේ පිහිටි හා හැඩය අනුව මිල වෙනස් වෙනවා.
බොන්සායි පැළ වගා කරන බඳුන් වර්ග එක එක හැඩයෙන් හා විවිධ අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒවායේ මිල ගණන් වෙනස්. ඇතැම් නිෂ්පාදකයන් පිඟන් මැටි උපයෝගී කරගනිමින් මෙම බඳුන් සකසනවා. ඒවා මිලෙන් වැඩියි. හැමවිටම අපි තෝරගන්න ඕනා වැඩි කාලයක් පවතින බඳුනක්.
විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණයක් තමයි ව්‍යාපාරිකයා වගේම පාරිභෝගිකයාත් මෙම බොන්සායි වගාව පිළිබඳව යම් අවබෝධයක් තිබිය යුතුයි. නැත්නම් ඔය බොන්සායි නොවන ගස් වර්ග පාරිභෝගිකයන් රවටලා අලෙවි කරන්න පුළුවන්. ඒවා කාලයක් යනකොට හැඩය වෙනස් වෙලා විශාල ශාක බවට පත්වෙනවා.
බොහෝ අවස්ථාවලදී අපි ශ්‍රී ලංකා බොන්සායි සංගමය මගින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, අධ්‍යාපනික ප්‍රදර්ශන වැනි දේවල් සිදු කරනවා. මේ වෙද්දි ලෝකය බොන්සායි වගාකරුවන් දෙලක්ෂ පනස්දාහකට ආසන්න (250,000) සංඛ්‍යාවක් සිටිනවා. විශේෂයෙන් සංචාරක කර්මාන්තය සඳහා මේක යොදාගන්න පුළුවන්. බොන්සායි උද්‍යාන සංචාරක ආකර්ෂණය දිනාගත්ත ව්‍යාපාරයක්. ලොව පුරා රටවල් විශාල ප්‍රමාණයක මෙම බොන්සායි උද්‍යාන ස්ථාපිත කරලා තියෙනවා.
දේශීය සංචාරක කර්මාන්තය අද වන විට ඉහළ මට්ටමකයි පවතින්නේ. අපේ රටෙත් මෙවැනි උද්‍යාන ස්ථාපිත කරලා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න පුළුවන්නම් ඒකත් මේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක්. තරුණ ව්‍යවසායකයන්ට මේ පිළිබඳව දැනුම දීලා ඔවුන් ඒ සඳහා යොමු කරන්න අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වෙනවානම් රැකියා ගැටලුවත් විසඳා ගැනීමට හැකි වෙනවා. ඔවුන්ට අවශ්‍ය ඒ දැනුම හා මගපෙන්වීම ලබා දෙන්න අපි හැමවිටම සූදානම්.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බොන්සායි වගාවෙන් ඉහළ ආදායමක්