IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


බණ්ඩාරවෙල ආයෝජක සම්මන්ත්‍රණයේදී කොටස් ආයෝජනවල වටිනාකම පෙන්නයි

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (SEC) සමග සහයෝගයෙන්, බණ්ඩාරවෙල කන්මාර්ක් හෝටලයේදී ආයෝජක සම්මන්ත්‍රණයක් පවත්වන ලදි. මෙම සම්මන්ත්‍රණය, ආයෝජක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම, දැනුවත් තීරණ ගැනීමේ වැදගත්කම ඉස්මතු කිරීම සහ කොටස් වෙළෙඳපොළේ ඇති අවස්ථා පිළිබඳව මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා සිදු කරන ලදී.

බණ්ඩාරවෙල කලාපයේ ව්‍යාපාරික ප්‍රජාවට සහ ආයෝජකයන් වෙනුවෙන් පවත්වන ලද මෙම සංසදයට 90 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම අවස්ථාව, පවතින සහ අනාගත ආයෝජකයන්ට ආයෝජනය කිරීම සහ ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් සලසා දෙන ලදී.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බාහිර සබඳතා කළමනාකරු නිමල් කුමාරසිංහ මහතා විසින් මෙම වැඩසටහන ආරම්භ කරන ලදී. මෙහිදී ඔහු සංසදය පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දුන් අතර, එහි අරමුණ ඉස්මතු කරමින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කාර්යභාරය සහ ආයෝජක ආරක්ෂාවේ වැදගත්කම පැහැදිලි කළේය.

මෙයින් පසුව, කොළඹ කොටස් හුවමාරුවේ බණ්ඩාරවෙල ශාඛාවේ විධායක නිලධාරී ජීවන් චතුරංග මහතා, විශේෂයෙන් දිගුකාලීන ධනය උත්පාදනය කිරීමේ තත්වය තුළ, ප්‍රාග්ධන වෙළෙඳපොළේ ආයෝජනය කිරීමෙන් ලැබෙන විවිධ ප්‍රතිලාභ පිළිබඳව විස්තර කරමින්, කොළඹ කොටස් වෙළෙඳපොළ පිළිබඳව හැඳින්වීමක් සිදු කරන ලදී.

ඉන්පසු CSE හි ඩිජිටල් නිෂ්පාදන පිළිබඳ සහකාර කළමනාකාරිනී ශානිකා රාමනායක මහත්මිය, CSE ජංගම යෙදුමේ විශේෂාංග සහ වාසි පිළිබඳ සැසියක් පැවැත්වූ අතර, එමගින් ආයෝජකයන් සඳහා ප්‍රවේශ්‍යතාව සහ පහසුව වැඩි දියුණු කරන ආකාරය පෙන්නුම් කළාය.

බාර්ට්ලීට් රිලිගේයා සෙකියුරිටීස් (පුද්) සමාගමේ පර්‌යේෂණ විශ්ලේෂක ඉරංග ප්‍රනාන්දු මහතා විසින්, වෙළෙඳපොළ වත්මන් ප්‍රවණතා සහ වර්ධන ක්ෂේත්‍ර පිළිබඳ ඉදිරිපත් කරමින්, කර්මාන්ත අංශවල ක්‍රියාකාරිත්වය සහ වෙළෙඳපොළ අවස්ථා පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදී.

ඉන්පසුව, සහභාගිවන්නන් වෙනුවෙන් ගතික හා අන්තර්ක්‍රියාකාරී ඉදිරිපත් කිරීමක් සඳහා විද්වත් සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡා මණ්ඩලයට නිමල් කුමාරසිංහ මහතා; CSE හි අලෙවිකරණ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා සහ ඉරංග ප්‍රනාන්දු මහතා ඇතුළත් විය. CSE හි කමල් ජයවීර මහතා විසින් සාකච්ඡාව මෙහෙයවන ලද අතර, සහභාගිවන්නන්ට ප්‍රශ්න මතු කිරීමට, විශේෂඥයන් සමග සෘජුව සම්බන්ධ වීමට සහ සාකච්ඡා කරන ලද මාතෘකා පිළිබඳව තවදුරටත් පැහැදිලි බවක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලදී.
විධිමත් සැසිවාරයෙන් පසුව, කොටස් තැරැව්කාර සමාගම්වල ආයෝජන උපදේශකයන් සහ ඒකක භාර කළමනාකරණ සමාගම්වල නියෝජිතයන් සමග සම්බන්ධ වීමට සහභාගිවන්නන්ට ආරාධනා කරන ලදී. එමගින් ඔවුන්ට ආයෝජනයට මග පෙන්වීමක් ලබා ගැනීමට හා ආයෝජන කළඹ තවදුරටත් විවිධාගීකරණය කිරීමට අවස්ථාව සලසා දෙන ලදි.



අදහස් (0)

බණ්ඩාරවෙල ආයෝජක සම්මන්ත්‍රණයේදී කොටස් ආයෝජනවල වටිනාකම පෙන්නයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1542 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site