IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බජාජ් බ්‍රෑන්ඩ් නිව් ත්‍රිරෝද රථය නැවතත් ශ්‍රී ලංකාවේ

 

වසර 05ක නිහැඩියාවකින් පසු බ්‍රෑන්ඩ් නිව් බජාජ් පෙට්‍රල් ත්‍රිරෝද රථය ශ්‍රී ලංකාවට නැවතත් හදුන්වාදී ඇති බව ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් පසුගියදා නිවේදනය කළේය.

නව බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය එළිදැක්වීම පසුගියදා බත්තරමුල්ලේ පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණි. 

ශ්‍රී ලංකා ප්‍රවාහන ක්ෂේත්‍රයේ දශක ගණනක නොමැකෙන සේවයක් තහවුරු කළ බජාජ් ත්‍රිරෝද රථය අද වන විට මෙරට ගම් දනව් සිසාරා ජනතාවගේ ජීවිතවල එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට සහාය දෙන ප්‍රමුඛයා බවට පත්වී ඇත. විශේෂයෙන් කොළඹින් පිට පළාත්වල සියයට 80ක් පමණ විසිරී ඇති බජාජ් ත්‍රිරෝද රථය පොදු ප්‍රවාහන සේවා නොමැති ග්‍රාමීය ප්‍රදේශවල කැපී පෙනෙන මෙහෙයක් ඉටු කරනු ලබයි. නාගරික ප්‍රදේශවල පවා රාත්‍රි කාලයේදී පොදු ප්‍රවාහන සේවා නොමැති වූ විට ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ එකම මාධ්‍යය වන්නේ ත්‍රිරෝද රථයයි. ග්‍රාමීය ප්‍රදේශවල ඇති සමහර පටු මාර්ගවල ගමන් කළ හැකි එකම වාහනය ලෙස ගොවීන්ගේ අස්වැන්න වෙළෙදපොළට ගෙන යන වාහනය වන්නේ ත්‍රිරෝද රථයයි. සාමාන්‍ය භාවිතයට අමතරව ස්වයං රැකියාවල නිරත වන තරුණ ව්‍යවසායකයන්ගේ මෙන්ම විශේෂයෙන් කාන්තා ප්‍රජාවගේ නිෂ්පාදන බෙදා හරින වාහනය ලෙස ත්‍රිරෝද රථය කැපී පෙනෙන මෙහෙයක් ඉටු කරනු ලබයි. මේ සියලු‍ කරුණු හරහා ශ්‍රී ලංකාවේ ලක්ෂ 50ක ජනතාවක් සෘජුව හා වක්‍රව ත්‍රිරෝද රථයෙන් යැපෙන අතර මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දක්වයි.

සියලු‍ දේ අලු‍ත් වී ඇති බජාජ් බ්‍රෑන්ඩ් නිව් ත්‍රිරෝද රථය වැඩි දියුණු කළ අංග හරහා බලයෙන් වැඩි අතර සුපිරි ක්‍රියාකාරිත්වයක් මෙන්ම කාර්යක්ෂමතාවකින් යුක්ත වේ. 236.2cc එන්ජිමකින් සමන්විත වන නව බ්‍රෑන්ඞ් නිව් බජාජ් ත්‍රිරෝද රථය නවීනතම BS6 වායු විමෝචන තත්වයට අනුකූලව අඩු විමෝචනයක් සිදු කරන අතර ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ ගොස් ඇත. වැඩි දියුණු කළ ඩෑෂ්බෝඩ් පහසුකම පෞද්ගලිකව සහ වාණිජ වශයෙන් මෙම වාහනය භාවිත කරන්නන්ට පහසුව සහ අභිමානවත් පෙනුම තහවුරු කරයි.

නව බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය රතු සහ කොළ වර්ණවලින් රු. 1,690,678 + VAT මිලකට දැන් ලබාගැනීමේ හැකියාව ඇත.

 



අදහස් (0)

බජාජ් බ්‍රෑන්ඩ් නිව් ත්‍රිරෝද රථය නැවතත් ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site