- ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ එක්සත් රාජධානිය සමගත් ගිවිසුම්ගත වීමේ සූදානමක
යුරෝපා සංගමය (EU) සමගින් ඇති කරගන්නා නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා වෙනුවෙන් ඉල්ලීමක් කරමින් බංග්ලාදේශය එම සංගමය වෙත පසුගියදා ලිපියක් යවා ඇතැයි වාර්තා වෙයි.
විශේෂයෙන්ම බංග්ලාදේශය දැනට පවතින ඌන සංවර්ධිත රාජ්‍යයක කාණ්ඩයෙන් ඉහළට පැමිණීම සඳහා යුරෝපා සංගමයත් සමගින් ඇති කරගන්නා මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම වැදගත් බව එරට වාණිජ අමාත්‍ය අබ්දුල් මුක්ටාදිර් පවසා තිබේ.
යුරෝපා සංගමයට අමතරව ඉදිරියේදී බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ එක්සත් රාජධානිය සමගින් ද නිදහස් වෙළෙඳ ගිවිසුම් වෙත පිවිසීමේ සාකච්ඡා වෙත ද යොමුවීමට අපේක්ෂා කරන බව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd