IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


බැංකු පොලීය වෙනුවට කොටස් වෙළෙඳාමට නැඹුරුවක්

වාණිජ බැංකු පොලී අනුපාතවල පවතින ස්ථාවරභාවය ඉදිරියේ ආයෝජන අංශ කොටස් වෙළෙඳපොළ කෙරෙහි නැඹුරු වෙමින් පසුවන බව නිරීක්ෂණය කළ හැකිය. මෙම වසරේ ගත වූ කාලය තුළ වේගයෙන් වර්ධන වූ වෙළෙඳපොළ කටයුතු හේතු කරගෙන වාසි සහගත තත්වයක් ළඟා කරගෙන ඇති අතර මෙම ස්වභාවය තවදුරටත් දියුණු වනු ඇතැයි සැලකේ. මෙම සතිය අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,000 ඉක්මවීමට ඉඩ ඇති අතර එය ගනුදෙනු සති දෙකක් තුළ ඒකක දහසයකින් ඉහළ යන නවතම වාර්තාගත තැනක් විය හැකිය.
බැංකු හා මූල්‍ය, රක්ෂණ, ප්‍රවාහන, මෝටර් රථ සහ පාරිභෝගික සේවා සමාගම්වල කොටස් කෙරෙහි තවදුරටත් ඉල්ලුමක් ඇතිවිය හැකි බව ආයෝජන උපදේශකයෝ සඳහන් කරති. විදේශ ආයෝජකයෝ තවමත් කොටස් විකිණීමේ නිරතය. ඊයේ ගනුදෙනුවලදී ද රු. මිලියන 277 ක කොටස් මිල දී ගෙන තිබුණු අතර විකිණීම් රු. මිලියන 314 කි. බැහැරට ඇදී ගිය මුදල රු. මිලියන 37 ක් සේ සටහන්ය. 
ඊයේ (ඔක්. 21) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,633.80 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 217.80 ක පිබිදීමකි. එස් ඇන් ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,284.07 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 21.03 ක වර්ධනයක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 7.42 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 43,767 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 309.2 ක් විය. සමාගම් 157 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණු සමාගම් ගණන 90 කි. මිල දී ගැනීමේ ප්‍රවණතාව සියයට 71.2 ක වැනි ඉහළ තැනක විය. 
වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භයේ දී තියුණු වර්ධනයක් සනිටුහන් කරන ලද අතර පසුව ස්ථාවරව ගමන් කර දිනයේ අවසානය දක්වා පැතිරීම මෙදින වාර්තා වූ විශේෂත්වයකි. බලශක්ති, වාණිජ සේවා, සිල්ලර වෙළෙඳාම, ආහාර පාන, ගෘහ මෙවලම්, සෞඛ්‍ය සේවා, බැංකු, උපයෝගීතා අංශවලට අයත් ක්ෂේත්‍රවල පිබිදීමක් සනිටුහන් කෙරිණ. සන්නිවේදන, මෘදුකාංග සේවා, රථවාහන හා ප්‍රාග්ධන භාණ්ඩ යන ක්ෂේත්‍රවල පිරිහීමක් වාර්තා කළේය.

නිරීක්ෂක 



අදහස් (0)

බැංකු පොලීය වෙනුවට කොටස් වෙළෙඳාමට නැඹුරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 565 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site