(නිමල කොඩිතුවක්කු)
රටේ ව්‍යාපාර සහ කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් බැංකු ණය පොළී අනුපාත අඩු කිරීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.
දැනට තැන්පත්කරුවන්ට දෙන පොළියට සීමා දැමීමට එහිදි සිදුවන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිතිකරගෙන ජනතාව අමතමිනි.
කොළඹ අරලියගහ මන්දිරයේ සිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශය කරනු ලැබීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කිය.
“මේ රටේ පොළී අනුපාත අඩු කරන්න ගත යුතු පියවර මොනවද කියා මහ බැංකු මූල්‍ය මණ්ඩලය, බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්, ගණකාධීකාරී ආයතන නියෝජිතයන්, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ආර්ථික කටයුතු අමාතයාංශ නිලධාරින් සහ සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු පිරිස එක්ව සාකච්ඡා කළා.
ඒ ගැන දැනට වාර්තාවක් ද ලැබී තිබෙනවා. ඒ අනුව බැංකු ණය පොළී අනුපාත අඩු කිරිමට අප පියවර ගත්තා. දැනට තැන්පත්කරුවන්ට දෙන පොළියට සීමා දාන්න බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සළකන ආකාරයට වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහනට අනුව මහ බැංකු මූල්‍ය මණ්ඩලයේ නියෝග සියල්ලම එන සතියේදී නිකුත් කරනවා.
මින් අප බලාපොරොත්තුවන්නේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා ණය බර අඩු කිරීමටයි. රටේ ණය වැඩිවෙනවා නම් ව්‍යාපාර දියණු කරන එක අසීරුවනවා.
පොළී අනුපාත අඩුකර ගැනීමට ගිය වසරේදීත් බලාපොරොත්තු වුණා. ගිය වසරේ අය වැයෙන් එය බලාපොරොත්තු වුණත් දින 52 අර්බුදය නිසා රටට ඩොලර් මිලිය දහසක් අහිමි වුණා. ඒ මුදල අහිමි වූ නිසා පහුගිය වසරේදී එය කරගන්න බැරි වුණා.
මේ අවුරුද්දේ ඒක කරන්න ශක්තිය තිබුණා. ඒ අනුව තමයි මේ පියවර ගත්තා. විශේෂයෙන්ම ආර්ථිකයේ ස්ථාවරභාවය ආරක්ෂා කර ගනිමින් මේ වැඩ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
දැන් මේ වැඩ කටයුත්ත කරන්න අවස්ථාව ලැබිලා. තව සති හයකින් පමණ නැවත හමුවී තවත් සංශෝධන අවශ්‍ය නම් ඒවාද කරනවා” යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ආර්ථිකය දියුණු කරන්න නම් ණය පොලිය අඩු කළාට විතරක් මදි. නිසියාකාරව ක්‍රියාත්මක වන ශ්‍රමිකයන් පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කලයුතුය. රජය කෝටි ගණන් වියදම් කර ගොඩනැගිලි සදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ඇති කලද ඒවා ගෙන් පිටවන පුද්ගලයන්ගේ ප්‍රමිතියක් නැත්නම් කොහොමද රටක් දියුණු වෙන්නේ. මාස 6 කින් , වඩු බාස් , මේසන් බාස් , විදුලි කාර්මික ශිල්පියකු, කෝකියෙකු බිහිකළ නොහැක. මේ සදහා අඩුම තරමේ අවරුදු 2 1/2 - 3 වත් ගතවේ, අපෝස සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දෙනාම උසස්පෙළ කරන්න තල්ලු කර කරන්නේ නැතුව ඔවුන්ගෙන් 40% වත් නිසි වෘත්තීය පුහුණුවකට යොමු කල යුතුය .
2015 දී අවුරුදු හැටට වැඩි පුරවැසියන්ගේ ලක්ෂ 15 ක් දක්වා තැන්පතුවලට වැඩි පොලියක් ගෙවීමට කටයුතුකලා.එවැනි අය ලක්ෂ ගණනක් තැන්පත්වල පොලියෙන් ජීවත් වෙනවා.ඒ අයටත් මෙය බලපානවානම් එය අයහපත් තත්වයක්විය හැකියි
පළමුව කියනවා බැංකු පොලිය නැග්ගේ ඇයි? ඔහෙලා බැංකුව මංකොල්ල කාලා බෙදාගත්තා නිසා නේද? බැංකු පොලිය අඩු කරන්න අර්ථ ශාස්ත්‍ර න්‍යාය වලට අනුකූලවද නැතිනම් තමුසෙලාගේ දේශපාලු න්‍යාය වලට අනුකුලවද? අර්ථ ශාස්ත්‍ර න්‍යාය වලට අනුව අඩුකරනවානම් එක මහා බැංකුවයි ප්‍රකාශ කරන්න ඕනේ. දේශපාලු ගොන් මැට්ටෝ නොවෙයි.
"මින් අප බලාපොරොත්තුවන්නේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා ණය බර අඩු කිරීමටයි. රටේ ණය වැඩිවෙනවා නම් ව්‍යාපාර දියණු කරන එක අසීරුවනවා" අවුරුදු 4 ගිහිල්ලා මුන් තාම ව්‍යාපාර දියුණු කරන්න හිතනවා. දියුණු කරන්න නේද? අර පර්පචුවල් මහා බැංකුවම ලියලා දුන්නේ, අක්කර 450 කුණුකොල්ලෙට බදු දුන්නේ. මුන්ව අයිඑස් අයිඑස් කාරයින්ට බාර දෙන්න ඕනේ. ඊට පස්සේ බලමු යු ටියුබ් එකේ ලැබෙන පනිෂ්මන්ට් එක. කාලකන්නි
"දැනට තැන්පත්කරුවන්ට දෙන පොළියට සීමා දැමීමට එහිදි සිදුවන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය " යකෝ එතකොට තොපි වැටුප් දීමනා වැඩි කොරගෙන අපේ තැන්පත් මුදලින්ද අනික් එවුන්ගේ ව්‍යාපාර දියුණු කොරන්න හදන්නේ .......
මෝඩ බමුණෝ, රජයක් ණය ගන්නේ බැඳුම්කර නිකුත් කරලා. වසර ගණනාවක් තිස්සේ බැඳුම්කර නිකුත් කරලා ණය ගත්ත ක්‍රමය ගැන බමුණු නම් මෝඩයාට පේන්නේ නෑ. පර්පෙචුවල් එක ලියාපදිංචි වුනේ කලින් ආණ්ඩුව කාලේ. ව්‍යාපාර පටන් ගත්තේ ඒ කාලේ. දැන් ණය පොළිය අඩු කරන්න හැකි වෙනවා නම් ඒ ගත් ණය අධිකව ගෙවන නිසා.
සල්ලි නිකන් බැංකුවල තැන්පත් කර තබාගැනීමෙන් රටක ආර්ථිකය වර්ධනය වන්නේ නැහැ. ව්‍යාපාරික සහ නිවාස ණය සදහා පොලි අනුපාත අඩු කිරීමෙන් රටේ මුදල් සංසරණය වන අතර එමගින් අලුතෙන් රැකියා අවස්ථා ඇතිවන අතර ආණ්ඩුවට වැඩියෙන් බදු මුදල් ලැබෙනවා. එතකොට ආර්ථිකය වර්ධනය වෙනවා. හොඳම උදාහරණය ජර්මනිය ඔවුන් 2006 සිට පොලි අනුපාතය 2% ට අඩු අගයක පවත්වා ගැනීම නිසා ඔවුන්ගේ ආර්ථිකය 2006 මේ දක්වාම විශාල ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරනවා .