IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පෝර්ට් සිටියේ මරිනා ව්‍යාපෘතියේ වැඩ ඇරඹෙයි

 


  •  ආයෝජනය ඩො.මි. 120ක් 

භානුක අමරසිංහ
කොළඹ වරාය නගරය හෙවත් කලම්බු පෝර්ට් සිටියේ සිදු කරන දැවැන්තම ව්‍යාපෘතිය වන මරිනා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය 10 වැනිදා ආරම්භ විය. මෙම අවස්ථාවට සංචාරක සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මෙරට චීන තානාපති කුයි සෙන්හොන්ග් යන මහත්වරු සහභාගි වූහ. 

හෙක්ටයාර 3.1ක භූමියක ඉදි කෙරෙන මෙම මරිනා ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 120 කි. LOLC හෝල්ඩිංග්ස් සමූහය සහ එහි ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී යන සමාගම් CHEC Port City Colombo Ltd. සමාගම හා හවුල්කාරීත්වයෙන් මෙම ව්‍යාපෘතිය සිදු කරයි.

LOLC සමූහය නියෝජනය කරමින් එහි සභාපති ඉෂාර නානායක්කාර, LOLC සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් අධ්‍යක්ෂ කමන්ත අමරසේකර යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ. කොළඹ වරය නගර ආර්ථික කොමිසමේ සභාපති හර්ෂ අමරසේකර, CHEC හි කළමනාකාර අධ්‍යක්ෂ වැන්ග් ගාන්ග් යන මහත්වරුන්ද ඊට එක්ව සිටියහ.

මෙහිදී මෙම ආයෝජනය සම්බන්ධයෙන් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ලීඑල්සී වෙත සිය සතුට ප්‍රකාශ කළ අමාත්‍ය විජිත හේරත් මහතා මෙසේ පැවසීය. “රට කෙරෙහි ශක්තිමත් පැහැදීමක් සහ විශ්වාසයක් තබා තිබෙන ප්‍රමුඛතම ආයෝජන කණ්ඩායමක් බවට ඔබ පත්ව තිබෙනවා. ඉදිරියේදි ශ්‍රී ලංකාව ක්ෂේත්‍ර රැසක් තුළ ආයෝජන මධ්‍යස්ථානයක් බවට පත්වේවි. එතැනදී ශ්‍රී ලංකාව තුළ වඩාත් ව්‍යාපාර මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කරමින් ආයෝජන ගලාඒම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විශාල භූමිකාවක් ඉටුකරාවි.



අදහස් (0)

පෝර්ට් සිටියේ මරිනා ව්‍යාපෘතියේ වැඩ ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site