විමුක්ති එස්. රුද්‍රිගු
මොබිටෙල් සමාගමට මෙම වසරේ පළමු මාස 8 දී සමාගමේ ණය රුපියල් බිලියන 13 කින් අඩුකර ගැනීමට හැකියාව ලැබුණු බවත් එය මොබිටෙල් සමාගමේ සමස්ත ණයෙන් සියයට 20ත් 25ත් අතර ප්‍රමාණයක් බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති ආචාර්ය මෝතිලාල් ද සිල්වා මහතා පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
මීට පෙර රුපියල් මිලියන 323 ක පාඩුවක් ලැබූ මොබිටෙල් සමාගම මෙම වසරේ පළමු මාස 6දී බදු ගෙවීමෙන් පසුව රුපියල් බිලියන 4.28 ක ලාබයක් ලබා තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. රජයේ ආදායම ඉහළ නංවමින් මෙම වසරේ පළමු මාස 6 දී මොබිටෙල් සමාගම බදු ලෙස රුපියල් බිලියන 1.3 ක මුදලක් ගෙවා තිබෙන බව ද ආචාර්ය මෝතිලාල් ද සිල්වා මහතා පැවැසුවේය.
එසේ මෙම වසරේ පළමු මාස 6 දී මොබිටෙල් සමාගමේ ආදායම රුපියල් බිලියන 55.2 ක් බවත් පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 දී මොබිටෙල් සමාගම සිය ආදායම රුපියල් බිලියන 1.62 කින් ඉහළ දමාගෙන තිබෙන බව ද සභාපතිවරයා පැවැසුවේය. මෙම වසරේ පළමු මාස හයේදී මෙහෙයුම් කාර්යක්ෂමතාව රුපියල් බිලියන 21.7 ක් බව ද ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය රජය මොබිටෙල් සමාගම පෞද්ගලීකරණය කිරීමට ගෙන තිබූ තීරණය නව රජය සම්පූර්ණයෙන් අත්හැර දමා තිබෙන බවත් කෙසේ නමුත් රජයේ කොටස් තබා ගනිමින් පෞද්ගලික හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීමට මොබිටෙල් සමාගම උත්සාහ කරනු ඇති බවත් සභාපතිවරයා පැවැසුවේය.
දැනට ලෝකය සමග සම්බන්ධ වෙමින් අන්තර්ජාල සබඳතාව ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට මොබිටෙල් සමාගමට මුහුද යට කේබල් 4 ක් තිබෙන බවත් පස්වැනි කේබලය ලබන වසරේදී මෙහෙයුම් ආරම්භ කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙරට ජනතාවට ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා මොබිටෙල් සමාගම යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රුපියල් බිලියන ගණනක් වියදම් කර තිබෙන බවද ඔහු පැවැසුවේය. ලංකාවේ සියයට 95 ක පමණ ප්‍රදේශයක් මොබිටෙල් සමාගම ආවරණය කර තිබෙන බව 5G තාක්ෂණය සඳහා බලපත්‍ර ලබාදුන් පසු 5G සබඳතා ලබාදීම මොබිටෙල් සමාගම ආරම්භ කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මොබිටෙල් සමාගමේ ප්‍රධාන කුලුනු දෙක සිය සේවකයන් සහ පාරිභෝගිකයන් වන නමුත් සිය කොටස්කරුවන් කෙදිනකවත් සමාගම අමතක නොකරන බව ද ඔහු ප්‍රකාශ කළේය. දීර්ඝ ක්‍රියාවලියකින් පසුව මොබිටෙල් සමාගම සඳහා ප්‍රධාන විධායක නිලධාරියකු තෝරාගෙන තිබෙන බවත් ඒ පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවත් සභාපතිවරයා පැවැසුවේය.
පසුගිය දා මොබිටෙල් සමාගමේ පළමු මාස 6 ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති ආචාර්ය මෝතිලාල් ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
පළමු මාස 8දී මොබිටෙල් සමාගමේ ණය රුපියල් බිලියන 13 කින් අඩු කරගෙන