විමුක්ති එස්. රුද්‍රිගු
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුකර ඇත.
මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ පළමු මාස තුනේදී මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.12ක මුදලක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබූ අතර එය පසුගිය වසරේ පළමු මාස තුනට සාපේක්ෂව සියයට 9.4 ක ඉහළ යාමක්ද විය. එසේම පසුගිය මාර්තු මාසයේදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 354 ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 5 ක ඉහළ යාමක්ද වූවේය.
කෙසේ නමුත් පසුගිය පෙබරවාරි මාසය සමග සංසන්දනය කරන විට මාර්තු මාසයේ සංචාරක ඉපැයීම් සියයට 4 කින් සුළු වශයෙන් පහත ගොස් තිබිණ. පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර සිටියේ පළමු කාර්තුව සඳහා සංචාරකයෙක්ගේ දෛනික වියදම් සීමාව ඇමෙරිකානු ඩොලර් 171 ක් බවත් ඉදිරියේදී සේවා සහ පහසුකම් සංවර්ධනය කිරීම තුළින් දෛනික වියදම් සීමාව ඩොලර් 200 දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බවත්ය.
2025 නොවැම්බර් මස 04
169
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2059
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි