IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පළමු කාර්තවේදී විරැකියා අනුපාතය 3.8 දක්වා පහළ ගිහින්

පසුගිය වසරේ පළමු කාර්තුවේදී මෙරට විරැකියා අනුපාතය සියයට 4.5 ක්
වැඩිම විරැකියා අනුපාතයක් තිබෙන්නේ වයස අවුරුදු 20ත් 24ත් වයස් කාණ්ඩයේ. එම අනුපාතය සියයට 18.3 ක්
අඩුම විරැකියා අනුපාතයක් තිබෙන්නේ පිරිමි පුද්ගලයන් අතර
වැඩකරන වයසේ සිටින ජනගහනයෙන් ලක්ෂ 81 ක් රැකියාවක නිරතයි


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට විරැකියා අනුපාතය 3.8 දක්වා පහළ ගොස් ඇති බවත් පසුගිය වසරේ පළමු කාර්තුවේදී මෙරට විරැකියා අනුපාතය සියයට 4.5 ක් වූ බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
එහිදී අඩුම විරැකියා අනුපාතයක් තිබෙන්නේ පිරිමි පුද්ගලයන් අතර බවත් පසුගිය වසරේ පළමු කාර්තුවේදී මෙරට පිරිමි පුද්ගලයන් අතර විරැකියා අනුපාතය සියයට 2.5 ක් බවත් එම දත්ත වාර්තාවේ දැක්වේ. එසේම වැඩිම විරැකියා අනුපාතයක් තිබෙන්නේ කාන්තාවන් අතර බවත් කාන්තාවන් අතර මෙම වසරේ පළමු කාර්තුවේදී විරැකියා අනුපාතය සියයට 6.3 ක් බවත් එම වාර්තාවේ සඳහන් වේ.
කෙසේ නමුත් කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් අතර විරැකියා අනුපාතය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී පහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තාව පෙන්වා දෙයි.
මෙරට වැඩිම විරැකියා අනුපාතයක් තිබෙන්නේ වයස අවුරුදු 20ත් 24ත් වයස් කාණ්ඩයේ සිටින ශ්‍රී ලාංකිකයන් අතර වන බවත් එම වයස් කාණ්ඩයේ විරැකියා අනුපාතය සියයට 18.3 ක් බවත් එම දත්ත වාර්තාවේ දැක්වේ.
එසේම මෙරට වැඩකරන වයසේ සිටින ජනගහනයෙන් ලක්ෂ 81 ක් රැකියාවක නිරත වන බවත් ඉන් ලක්ෂ 54 ක් පිරිමි පුද්ගලයන් බවත් එම දත්ත වාර්තාවේ සඳහන් වේ. එම දත්ත වාර්තාවට අනුව මෙරට වැඩකරන වයසේ සිටින කාන්තාවන්ගෙන් රැකියාවක නිරත වන්නේ ලක්ෂ 27 ක් පමණි.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගිය 16 වැනිදා නිකුත් කළ මෙම වසරේ පළමු කාර්තුව සඳහා වන ශ්‍රම බළකා සහභාගීත්ව සමීක්ෂණ වාර්තාවේ මෙම තොරතුරු සඳහන් වේ.

 



අදහස් (0)

පළමු කාර්තවේදී විරැකියා අනුපාතය 3.8 දක්වා පහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16881 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site