IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පහ ශිෂ්‍යත්ව දරු දැරියන්ට මහජන බැංකුවෙන් සම්මන්ත්‍රණ මාලාවක්

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ දැනුම වර්ධනය කර,  අධ්‍යාපනික කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් මහජන බැංකුවේ සිසු උදාන ගිණුම හා චූටි බබා පුවත්පත එක්ව ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවක් දියත් කර ඇත.
මෙම වැඩසටහන ඔස්සේ මේ වන විට මු`ඵ දිවයිනම ආවරණය වන පරිදි සම්මන්ත්‍රණ පැවැත්වෙයි. නවීන විද්‍යානුකූල ඉගැන්වීමේ ක්‍රම ඔස්සේ පැවැත්වෙන මෙම පාඨමාලාවලින් සිසුන්ගේ අධ්‍යාපනික කුසලතා වර්ධනය කරමින් ඔවුන්ට ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව මුහුණදිය හැකි මානසික වාතාවරණයක් නිර්මාණය කෙරේ. එමෙන්ම සිසු දරු දැරියන් විභාගයට සුදානම් කිරීම සඳහා ඔවුන්ගේ මවුපියන්ට මාර්ගෝපදේශනය ලබාදීමද විශේෂත්වයකි. වසර ගණනාවක අත්දැකීම් සහිත ගුරු මණ්ඩලයක් මේ සඳහා සම්පත් දායකත්වය සපයයි. 
මිට අමතරව සිසු උදාන චූටි බබා Online ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයද සතිපතා පැවැත්වේ. මෙය People’s Bank Sri Lanka iy Imashi Education,  Facebook iy YouTube නාලිකා ඔස්සේ විකාශය වේ.
එමෙන්ම මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ඉහළම ලකුණු ලබාගන්නා සිසු සිසුවියන් 10 දෙනාට රු.100,000/- බැගින් මුදල් ත්‍යාග පිරිනැමිමට මහජන බැංකුව කටයුතු යොදා ඇත. එමෙන්ම ශිෂ්‍යත්ව කඩයිම ජයග්‍රහණය කරන සෑම දරුවකුටම විශේෂ ඇගයීමක් සමග රන් පදක්කමක් ලබාදෙන අතර, ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරන දිනට පෙර සිසු උදාන ගිණුමේ අවම ශේෂය රු.5000/-ක් පවත්වාගෙන ගිය සහ ප්‍රතිඵල නිකුත් වී මාස තුනක් ඇතුළත ගිණුමේ ශේෂය රු.5000/- දක්වා වර්ධනය කර ගන්නා හෝ ගිණුමක් නොමැති නම් එම කාලය තුළ දී නව සිසු උදාන ගිණුමක් විවෘත කර ශේෂය රු. 5000/- දක්වා වර්ධනය කරගන්නා විභාග සමතුන්ට ආකර්ෂණිය ත්‍යාග හා පදක්කම් පිරිනැමේ.
ශ්‍රී ලාංකීය සිසු පරපුරේ අනාගත සුරක්ෂිතතාව ගොඩනඟා ඔවුන්ට ශක්තියක් වීමේ අරමුණින් මහජන බැංකුව 1996  වසරේදී සිසු උදාන ගිණුම හඳුන්වා දුන්නේය.  මෙමඟින් වයස අවුරුදු 05 සිට 18 අතර පාසල් දරුවන් අතර ඉතිරිකිරීමේ මාහැඟි පුරුද්ද වර්ධනය විය.  මෙම ගිණුම සඳහා පොලියට අමතරව තැන්පත් කරන මුදල් ප්‍රමාණය අනුව විවිධ ත්‍යාග හා ප්‍රතිලාභ රැසක් සිසු දරුවන්ට හිමිවේ. එමෙන්ම උසස් අධ්‍යාපනය දක්වාම විවිධ මුල්‍ය සේවා සපයමින් ඔවුන් ස්ථාවර අනාගතයක් ගොඩනඟා දීමට වගකිය යුතු මූල්‍ය ආයතනයක් වශයෙන් මහජන බැංකුව ඇපකැපවී ක්‍රියා කරයි.
රටේ අනාගත ජීවනාලිය වන්නේ  වත්මන් දරු පරපුරයි. මහජන බැංකුව පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසු දරු දැරියන් වෙනුවෙන් සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කර ඇත්තේ සහ සමත් වූ දරු දැරියන්ට තිළිණ පිරිනමන්නේ ඒ බව හොඳින් වටහාගත් නිසාවෙනි. මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ඔබේ දරුවාගේ  සිසු උදාන ගිණුමේත්  මුදල් තැන්පත් කර ඔවුන්ගේ හෙට දිනය සමෘද්ධිමත් කරන මෙන් නිරතුරුවම දරුවන්ට හොඳම දේ ලබාදෙන මහජන බැංකුව මවුපියන්ට ආරාධනා කර සිටී. 

 



අදහස් (0)

පහ ශිෂ්‍යත්ව දරු දැරියන්ට මහජන බැංකුවෙන් සම්මන්ත්‍රණ මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site