IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පසුගිය සති කිහිපයේ ලංකාවට පැමිණි සංචාරකයින්ගෙන් මිලියන 420 ක අදායමක්

 

(තිළිණි ද සිල්වා)

සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය යටතේ යුක්රේන සංචාරකයින් 1500 ක් පසුගිය සති තුනක කාලය තුළ දිවයින පැමිණි  බවත්, ඉන් මෙරටට රුපියල් මිලියන 420 ක ආදායමක් ලැබුණු බවද සංචාරක අමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (18) පැවසීය.
 
පසුගිය දෙසැම්බර් 26   වැනිදා  ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් අඩුපාඩු සහ ගැටලු නිවැරදි කර ගනිමින් අනිද්දා (21) සිට  සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් දිවයිනට ගෙන්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බවද ඇමතිවරයා මෙහිදී කීවේය.
 
ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් සැපයීම සඳහා හෝටල් 180ක් පමණ හඳුනාගෙන තිබෙන බවත් , මෙම හෝටල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකලත් හෝටල් යැයිද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
 
සංචාරක අමාත්ය්වරයා මේ බව කියා සිටියේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීඅද  (18) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතහැකි ගතයුතු සියලු පියවර ගෙන ඇති බවය.
 
මෙරටට පැමිණෙන සංචාරකයින් සංචාරක බුබුලක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත අතර පැමිණීමට පැය 72කට පෙර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්විය යුතු අතර, ඔවුන්ට මෙරටට පැමිණීමට ඉඩලැබෙන්නේ එම පරීක්ෂණයෙන් කොවිඩ්  ආසාධිත නොවන බවට තහවුරු වූ සංචාරකයින්ට පමණක් යැයිද සංචාරක අමාත්‍යවරයා කියා සිටියේය.
 
සංචාරකයන් පැමිණෙන හෝටල් වල කර්යමණ්ඩලවල ද මෙම සංචාරක බුබුලට අයත් වන බැවින් ඔවුන්ටද සාමාන්‍ය සමාජය සමග ගැවසීමට ඉඩක් නැතැයි ඇමතිවරයා කීය..
 
මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ සංචාරක කර්මාන්තය බිද වැටීමෙන් විශාල පිරිසක් පිඩාවට පත් ව සිටින හෙයින්  ජාතික වගකීමක් ලෙස සලකා , සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට රජය ගෙන යන වැඩ පිලිවෙලට සහය වන්නැයි  ඉල්ලා සිටියේය.
 
මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් බී. විජේවීර, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ,

රජයේ ප්‍රවෘත්ති නාලක කළුවැව යන මහත් මහතමීන් සහ රජයේ පෞද්ගලික සියළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීහු එක්ව සිටියහ.

 



අදහස් (5)

පසුගිය සති කිහිපයේ ලංකාවට පැමිණි සංචාරකයින්ගෙන් මිලියන 420 ක අදායමක්

wicky Monday, 18 January 2021 03:40 PM

මේ කියන විදිහට මාසයකට සංචාරකයින් 1500ක් ගෙන්න ගත්තා නම් රට නිකන්ම ගොඩනේ..

:       0       4

Binkunndaa Tuesday, 19 January 2021 05:57 PM

ගජබින්නාලංකාරයේ බොරු..!!! 

:       0       0

lal Wednesday, 20 January 2021 08:18 AM

කැල්කියුලේටර් එකත් කඳ, බඩ වගේම ලොකුයි වගේ.

:       0       2

Lanka Wednesday, 20 January 2021 12:55 PM

කෝවිඩ්-19 සඳහා අදාල එන්නත් ලබාගෙන ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද?

:       0       1

sakalabujan Thursday, 21 January 2021 06:31 AM

ආසියානු කලාපයේ සියලුම රටවල් විදේශගතව සේවය කරන තමන්ගේ රටේ ස්වදේශික ජනතාවට රටට ඇතුල්වීමට ගුවන් තොටුපල විවෘතව පහසුකම් සපයා ඇති අතර 2021 ජනවාරි සිට විදේශිකයන්ට විවෘතව ලාංකිකයන්ට සීමා පනවා ඇත්තේ ලංකාවේ ගුවන් තොටුපල පමණි. තරු පන්තියේ හෝටල් වල දවසට රු 7,500, රු 9,000 හා තනිවම සිටිය හැකි රු 12,500 යේ පැකේජවලින් දින 14ක් තුළ ලක්ෂයකට අධික මුදලක් ශ්‍රමිකයාගෙන් සූරාකමින් රජය තම ගජ මිතුරන් පිනවයි. අරාබියේ ගෙවල්වල බැලමෙහවර කර දුක්විඳ උපයන සොච්චම් මුදලින් කුමන හෝටල්ද? ගුවන් තොටුපලේ PCR නෙගටිව් නම් නිවසේ තනි කාමරයක දින 7ක් හෝ 14ක් රජයේ නිලධාරින්ගේ නිරීක්ෂණය යටතේ නිරෝධායනයට ඉඩ සලසා දෙන්න. ලංකාව් දැන් රෝගීන් 30,000 ඉක්මවා ඇති නිසා කොරෝනා පාලනය නම් තව දුරටත් විහිළුවකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31312 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13515 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 113 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site