විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලාංකික පවුලක ජීවන වියදම මෙම වසරේ ජූලී සහ අගෝස්තු මාසවලදී සුළු වශයෙන් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පවසයි.
මෙම වසරේ අගෝස්තු මාසයේදී මෙරට සිවු දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට 65,576 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එය මෙම වසරේ ජූලි මාසයට සාපේක්ෂව ජීවන වියදමේ සුළු වශයෙන් පහළ යාමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
අගෝස්තු මාසයේදී පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම මුදලක් අවශ්‍ය වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ බවත් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන සාමාජිකයන් සිව් දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට මෙම වසරේ අගෝස්තු මාසයේදී රුපියල් 70,736 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එම දත්ත වාර්තාවේ සඳහන් වේ. එයද මෙම වසරේ ජූලි මාසයට සාපේක්ෂව ජීවන වියදමේ සුළු වශයෙන් පහළ යාමක් බව එම දත්ත වාර්තා පෙන්වා දෙයි.
එසේම දෙවැනි ස්ථානයට පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම මුදලක් අවශ්‍ය වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත්වන සාමාජිකයන් සිවූ දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රුපියල් 70,376 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එම දත්ත වාර්තාවේ දැක්වේ. එයද මෙම වසරේ ජූලි මාසයට සාපේක්ෂව ජීවන වියදමේ සුළු වශයෙන් පහළ යාමකි.
මෙම වසරේ අගෝස්තු මාසයේදී පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අඩුම මුදලක් අවශ්‍ය වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයේ බවත් එහි ජීවත් වන සිවු දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රුපියල් 62,712 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
එසේම පසුගිය ජූලි මාසයේදී මෙරට සිවු දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට 65,936 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එය මෙම වසරේ ජූනි මාසයට සාපේක්ෂව ජීවන වියදමේ සුළු වශයෙන් පහළ යාමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 04
591
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
503
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පවුලක ජීවන වියදම සුළුවෙන් පහළ ගිහින්