විමුක්ති එස්. රුද්‍රිගු
පසුගිය අප්‍රේල් 10 වැනිදා පැවැති පොල් වෙන්දේසියේදී අලෙවිය සියයට 44 කින් පහළ ගොස් තිබූ බවත් එහිදී අලෙවි වී තිබුණේ පොල් ගෙඩි 345,342 ක් පමණක් බවත් පොල් සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
අලුත් අවුරුදු උත්සවයට පෙර පැවැති වෙන්දේසියේදී සාමාන්‍ය පොල් මිල සියයට 2.8 කින් ඉහළ ගොස් තිබූ බවත් එහිදී පොල් ගෙඩි 1,000 කට රුපියල් 179,497.23 ක මිලක් නියම වී තිබූ බවත් පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය. ඊට පෙර සතියේදී පොල් ගෙඩි 1,000 ක් සඳහා නියම වී තිබුණේ රුපියල් 174,601.50 ක මිලක් බවද එම අධිකාරිය පැවැසුවේය.
එහිදී පොල් ගෙඩියක් සඳහා පිරිනැමුණු ඉහළම මිල රුපියල් 188 ක් බවත් අවම මිල රුපියල් 166 ක් බවත් පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය. පසුගිය වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ පොල් ගෙඩි සංඛ්‍යාව 227,487 දක්වා පහළ ගොස් තිබූ බවත් ඊට පෙර සතියේ පැවැති වෙන්දේසියට පොල් ගෙඩි 362,016 ක් ඉදිරිපත් කර තිබූ බවත් පොල් සංවර්ධන අධිකාරිය පැවැසුවේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පොල් වෙන්දේසියේ අලෙවිය සියයට 44කින් පහළ ගිහින්