කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (22) ගනුදෙනු අවසන් වනවිට දර්ශක රතු පැහැයෙන් අවසන් වූ අතර කොටස් මිල දර්ශක පහත වැටුණු බව එයින් සනිටුහන් විය. වර්ධනයක ලකුණු පෙන්වමින් සිටි අතර පළමු පැය භාකයක පමණ කාලය තුළ මිල දර්ශක වර්ධනය වූ නමුත් ඉකුත් සඳුදා හා සමානව විකිනීම සඳහා දක්වන ලද නැඹුරුව හේතු කොටගෙන දී දර්ශක සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටිණ. කෙසේ වෙතත් ඉල්ලුම ඉහළ යා හැකි පසුබිමක් පවතින අතර වෙළෙඳපොළ වර්ධනයකට ඉඩකඩ පවතී. විදේශ ආයෝජකයන් පවාමිල දී ගැනීමට උනන්දුවක පසුවේ.
දශක හතරක පමණ ඉතිහාසයක් ඇති කොළඹ කොටස් හුවමාරුව පසුගිය දා සිය දහවැනි ශාඛාව බණ්ඩාරවෙල දී විවෘත කළේය. මාතර, මහනුවර, කුරුණෑගල, මීගමුව, යාපනය, මඩකලපුව, අනුරාධපුරය, රත්නපුර සහ පානදුර මෙහි සෙසු ශාඛා ස්ථාපිත කර ඇති අතර ආයෝජකයන්ට පහසුකම් මේවායෙන් සැපයෙනු ඇත.
ඊයේ ගනුදෙනු 10,929 ක් වාර්තා වූ අතර සමාගම් 100 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 112 කි. දෛනික පිරිවැටුම රු. බිලියන 991.4 ක් වශයෙන් විය. ජෝන් කීල්ස් හැරුණු කොට සෙසු හුවමාරු වූ කොටස් වල දී බැංකු, මූල්‍ය හා රක්ෂණ අංශ වැඩිම දායකත්වයක් දක්වන ලද බව දැක්විය හැකිය.සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,555.86 ක් වු අතර එය දර්ශක 43.75 ක පසුබැසීමකි. ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,589.57 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 31.65 ක පහළ යෑමක් සේ දැක්විය හැකිය.
ජෝන් කීල්ස් රු. මිලියන 118 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 84 ක්, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් රු. මිලියන 53 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 49 ක්, වැලිබල් වන් රු. මිලියන 42 ක්, සම්පත් රු. මිලියන 38 ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑනස් රු. මිලියන 22 ක්, ඩිස්ටිලරීස් රු. මිලියන 22 ක්, හේලීස් රු. මිලියන 17 ක්, ලංකා ඉන්දියන් ඔයිල් රු. මිලියන 17 ක්, සහ ප්‍රයිම් ලෑන්ඩ් රු. මිලියන 14 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
- නිරීක්ෂක
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පිරිවැටුම යහපත් නමුත් දර්ශක රතු පැහැයට