IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ප්‍රයිම් ලෑන්ඩ් ‘The Colombo Border ව්‍යාපෘතියේ අවසන් අදියර ‘Tower Amari එළිදකී

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Lands Residencies PLC හි ‘Tower Amari’ පසුගියදා එළිදක්වන ලදී. මෙය Prime Lands Residencies සමාගමේ ව්‍යාපෘති අතර සුවිශේෂී සන්ධිස්ථානයක් ‘The Colombo Border’ සංවර්ධන ව්‍යාපෘතියේ තුන්වැනි මෙන්ම අවසාන අදියරේ සමාරම්භය සනිටුහන්නකි. මෙය මෙරට සුඛෝපභෝගී නාගරික ජීවන රටාවේ පරිවර්තනයක් සිදුකිරීමේ අරමුණින් Prime Lands Residencies සමාගම විසින් ක්‍රියාවට නංවන ලද සුවිශේෂී ව්‍යාපෘතියක කූටප්‍රාප්තිය ලෙස හැඳින්විය හැකි වේ. 

ව්‍යාපෘතියේ මුල් අදියරවල සමාරම්භයෙන් සහ ඉදිකිරීම්වල අඛණ්ඩ ප්‍රගතියෙන් අනතුරුව මෙලෙස Tower Amari ව්‍යාපෘතියේ ආරම්භය නිවේදනය කරන ලදි. Tower Amari මූලික ඉදිකිරීමේ කටයුතු දැනටමත් අවසන් වී ඇති අතර, ව්‍යාපෘතියෙහි පළමු අදියර වූ Brielle කුලු‍නේ සහ දෙවැනි අදියර වූ  Cosmos කුලු‍නේ ඉදිකිරීම් සේමAmari කුලු‍නේ ඉදිකිරීම් කටයුතුද කඩිනමින් සිදු වනු ඇත. මුල් කුලු‍නු දෙකෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට සැලසුම් කරන ලද ආකාරයටම සිදුවෙමින් පවතී. 

මෙම ව්‍යාපෘතියට නිදන කාමර 2 හා 3 බැගින් වන සුඛෝපභෝගී නිවාස ඇතුළත් වන අතර, රු. මිලියන 35 සිට ඉහළට එම නිවාස මිලදීගත හැකි වේ. ගැනුම්කරුවන්ට අවශ්‍ය නම් Prime Lands Residencies සමාගම හඳුන්වා දී ඇති පෙරළිකාරී Prime MAX පහසු ගෙවීමේ ක්‍රමය මේ සඳහා භාවිත කළ හැක. මෙම ක්‍රමය යටතේ ගැනුම්කරුවන්ට මසකට රු. 175,000 ක් පමණක් ගෙවා තම සිහින නිවස තමන් සතු කර ගැනීමට හැකියාව ලැබේ. මෙය අන් කවරදාටත් වඩා පහසුවෙන් සුඛෝපභෝගී ජීවන රටාවකට හිමිකම් කීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. 

සුඛෝපභෝගී බව හා තිරසාරත්වය එක්තැන් කරන සුවිශේෂී ජීවන අවකාශ නිර්මාණය කිරීම සඳහා Prime Lands Residencies දක්වන උනන්දුව Tower Amari මගින් මැනැවින් පිළිබිඹු වේ. විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ සමගින් පරිසර හිතකාමීත්වය එක්තැන් කරන සංකල්පයත් සමඟ ශ්‍රී ලංකාවේ නිවාස සම්ප්‍රදායේ නව සන්ධිස්ථානයක් නිර්මාණය කිරීමට, මෙම ව්‍යාපෘතිය නිසැකවම සමත් වනු ඇත. 

The Colombo Border ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ කටුනායක අධිවේගී මාර්ගය, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ වරාය නගරය සහ නෙලු‍ම් කුලු‍න ඇතුළු ස්ථාන රැසක් වෙත ඉක්මනින් හා පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයකය. එය මේ වන විට කොළඹ නගරයේ වැඩිම ඉල්ලු‍මක් සහිත නිවාස ව්‍යාපෘතියක් බවට පත් වී ඇත. අක්කර 6.5 ක භූමි ප්‍රමාණයක ඉදි වන මෙම ව්‍යාපෘතියේදී තිරසාරත්වයට මුල් තැනක් හිමි වී තිබේ. මෙම භූමි ප්‍රමාණයෙන් ඉදිකිරීම් සඳහා භාවිත කරනු ලබන්නේ සියයට 25 ක් පමණි. ඉතිරි සියයට 75 ම උද්‍යාන, ඇවිදීමේ මංතීරු, අවන්හල්, රැස්වීම් ශාලා, උත්සව ශාලා සහ පිහිනුම් තටාක ඇතුළු පහසුකම් හා විවෘත අවකාශයන් සඳහා වෙන් කර තිබේ. 

‘The Colombo Border’ ව්‍යාපෘතිය සඳහා භාවිත වන, පාරිසරික වශයෙන් සවිඥානික සැලසුම්කරණය සම්බන්ධ ඒකාබද්ධ ප්‍රවේශය Tower Amari සම්බන්ධයෙන්ද එලෙසින්ම ක්‍රියාත්මක වනු ඇත. මෙහි පොදු ස්ථානවල සහ රථගාල්වල සූර්ය බලශක්තියෙන් දැල්වෙන විදුලි පහන් භාවිත වන අතර, අපවහන ජලය කළමනාකරණ පද්ධති සහ වැසි ජලය එක්රැස් කිරීමේ පහසුකම් ඇතුළු පරිසර හිතකාමී විසඳුම් රැසක්ද ඊට ඇතුළත් වේ. 

Tower Amariසැලසුම තුළ ස්වාභාවික වාතාශ්‍රයට ප්‍රමුඛත්වය හිමි වන නිසා එහි බොහෝ ස්ථානවලට යාන්ත්‍රිකව වාතාශ්‍රය සැපයීම අවශ්‍ය නොවේ. එමෙන්ම විදුලි වාහන භාවිතය ඉහළ යමින් පවතින පසුබිමක් තුළ අනාගත අවශ්‍යතා පිළිබඳව දූරදර්ශී ලෙස අවධානය යොමුකරමින්, Tower Amari පරිශ්‍රයේ විදුලි වාහන ආරෝපණය කිරීමේ පහසුකම් ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇත. 

The Colombo Border ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් වීමට නියමිත කාලසීමාව මේ වන විට තහවුරු කර තිබේ. එහි Tower Brielle සහ Tower Cosmos යන කුලු‍නුවල ඉදිකිරීම් 2027 වසර වන විට අවසන් වනු ඇති අතර, Tower Amari හි ඉදිකිරීම් 2028 වසර වන විට අවසන් වීමට නියමිතය. 

 



අදහස් (0)

ප්‍රයිම් ලෑන්ඩ් ‘The Colombo Border ව්‍යාපෘතියේ අවසන් අදියර ‘Tower Amari එළිදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site