IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පිරමීඩ සතියේ දී පිරමීඩ ව්‍යාපාර පිළිබඳ පැමිණිලි 10 ක්


විමුක්ති එස් රුද්‍රිගු


‘‘පිරමීඩ සතිය”‍ නමින් පිරමීඩ ව්‍යාපාර පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පැවැත්වූ සතියක වැඩසටහනේදී පිරමීඩ ව්‍යාපාර පිළිබඳව පැමිණිලි 10 ක් ලැබී තිබෙන බවත්, ඒ සියලු‍ පැමිණිලි ලැබී තිබෙන්නේ නිර්නාමිකව බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (23) ප්‍රකාශ කළේය.

පිරමීඩ ව්‍යාපාර පිළිබඳව පැමිණිලි කිරීමේදී නිර්නාමිකව එය සිදු කිරීමෙන් විමර්ශනවලදී ගැටලු‍ මතුවන තැන් තිබෙන බවද මහ බැංකුව පෙන්වා දුන්නේය. පිරමිඩ සතියේදී ප්‍රදේශීය මට්ටමින් හැකිතාක් ජනතාව දැනුවත් කිරීමට උත්සාහ කළ බවත් ජනතාව පිරමීඩ උගුලෙන් ගලවා ගැනීම පිරමීඩ සතියේ අරමුණ වූ බවත් මහ බැංකුව පැවැසුවේය.

එහිදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පිරමීඩ ව්‍යාපාර පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පිරමීඩ නොවූවත් ආයෝජන මුවාවෙන් තැන්පතු බාර ගන්නා ව්‍යාපාර බොහොමයක් වර්තමානයේ ක්‍රියාත්මක වන බවය. එවැනි ව්‍යාපාරවලට හසුනොවන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

වගා ආයෝජන, කෘෂි කාර්මික උපකරණ සහ සුවඳ විලවුන් සඳහා බවට පවසමින් ආයෝජන මුවාවෙන් තැන්පතු බාර ගන්නා ව්‍යාපාර ක්‍රියාත්මක වන බවත් එම ව්‍යාපාර වෙළෙඳ දැන්වීම සඳහා විශාල වියදමක් දරන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. එම ව්‍යාපාර අයිතිකරුවන්ට ඔවුන්ගේ මුදලින් එම ව්‍යාපාර කරගෙන යාමේ කිසිඳු වරදක් නොමැති බවත් එම ව්‍යාපාර මහ ජනතාවගෙන් ආයෝජන මුවාවෙන් තැන්පතු බාර ගන්නේ ඇයි දැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රශ්න කළේය.

එවැනි ව්‍යාපාරවල ආයෝජනය කරනවිට මහ ජනතාව ඉතාමත් සැලකිලිමත් විය යුතු බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.



අදහස් (0)

පිරමීඩ සතියේ දී පිරමීඩ ව්‍යාපාර පිළිබඳ පැමිණිලි 10 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site