IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර වෙළෙඳ නාම සමග 2025 Global Franchise Forum කොළඹදී

The Global Franchise Forum (GFF) 2025 හි ශ්‍රී ලාංකේය සමුළුව අප්‍රේල් 27 වැනි දින කොළඹ ෂෙරටන් හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබේ. මෙම ප්‍රමුඛපෙළේ සමුළුව, ප්‍රධාන ගෝලීය වෙළෙඳ සන්නාම, ආයෝජකයන් සහ ව්‍යවසායකයන් එකට එක් කරමින්, ඔවුන්ට ශීඝ්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලාංකේය වෙළෙඳපොළේ ව්‍යාප්ති අවස්ථා ගවේෂණය කිරීමට අවස්ථාව සලසා දෙයි.

මෙම සමුළුව සඳහා ඉන්දු-ලංකා වාණිජ මණ්ඩලය, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI), ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICC), කොළඹ වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) වැනි ප්‍රමුඛ සංවිධානවල සහයෝගීතාවද හිමිව තිබේ. ඔවුන්ගේ සහයෝගීතාව, කලාපය තුළ ජාත්‍යන්තර ප්‍රචාරණ ව්‍යාප්තිය සහ ආර්ථික සංවර්ධනය තහවුරු කිරීමේ දී මෙම වැඩසටහනේ ඇති වැදගත්කම අවධාරණය කරයි. 

මෙහිදී වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක්, ජාත්‍යන්තර වෙළෙඳ නාම සඳහා ඉහළ යන ඉල්ලු‍මක් සහිත පුළුල් වන පාරිභෝගික වෙළෙඳපොළක් සහ ආයෝජක හිතකාමී ප්‍රතිපත්ති සමගින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවට උපායමාර්ගික දොරටුවක් විවෘතකර දෙයි. ආගන්තුක සත්කාර, වෙළෙදාම, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය වැනි මෙරට සමෘද්ධිමත් අංශ, ගෝලීය ප්‍රචාරණය සඳහා නව අවස්ථා සොයන්නන් සඳහා සාරවත් පසුබිමක් සපයා දෙයි.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමට අපේක්ෂිත ගෝලීය වෙළෙඳ සන්නාම ඇතුළත් සුවිශේෂී ප්‍රදර්ශනයක්, සන්නාම හිමිකරුවන් සහ ආයෝජකයන් සමඟ පෞද්ගලික ව්‍යාපාර සාකච්ඡා, ප්‍රචාරණ විශේෂඥයන් විසින් පවත්වන ක්ෂේත්‍රය සම්බන්ධ අතිශය වැදගත් සාකච්ඡා ඇතුළු සුවිශේෂී අවස්ථා රැසක් සඳහා එක්වීමට සමුළුවට සහභාගීවන්නන්ට මෙහිදී අවස්ථාව හිමිවේ. මීට අමතරව ඉහළපෙළේ ආයෝජකයන්, ව්‍යවසායකයන් හා ව්‍යාපාර ප්‍රමුඛයන් සමග සබඳතා ගොඩනගා ගැනීමේ අසමසම අවස්ථාව මෙම සමුළුව මගින් හිමිකර දෙන අතර, එමෙන්ම ප්‍රචාරණ ව්‍යාප්ති උපායමාර්ග කෙරෙහි වැඩි වශයෙන් අවධාරණය යොමු කළ සම්මන්ත්‍රණ හා වැඩමුළු සඳහා සහභාගී වීමේ අවස්ථාව ද අතිශයින් සුවිශේෂී අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. ප්‍රචාරණ කර්මාන්තයේ විශිෂ්ටයන් අගයමින් සම්මාන රාත්‍රියක් ද සමුළුව අවසානයේ පැවැත්වීමට නියමිතය.

සමුළුව පිළිබඳ අදහස් දක්වමින් Franchise ඉන්දියා සමූහයේ සභාපති, ගෞරව් මර්යා මහතා මෙසේ පැවසුවේය. “ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන The Global Franchise Forum (GFF), ව්‍යවසායකයන්, ආයෝජකයන්, ප්‍රචාරණ විශිෂ්ටයන්, ව්‍යාප්තිය අපේක්ෂාකරන ව්‍යාපාර හිමිකරුවන්, ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ ව්‍යාපාර අංශයේ තීරණ ගන්නන් අනිවාර්යයෙන් සහභාගී වියයුතු වැඩසටහනක් ලෙස දැක්විය හැකියි. එය ගෝලීය වෙළෙඳ සන්නාම, දේශීය හවුල්කරුවන් සමඟ සම්බන්ධ කිරීම සඳහාත්, ශීඝ්‍ර වර්ධනයක් සහිත කලාපවලට බාධාවකින් තොරව ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා වන ඵලදායී සම්බන්ධතා නිර්මාණය කිරීම සඳහාත් වැදගත් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරයි.“

“ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරවන සලකුණු පෙන්වමින් සිටින අතර, මහබැංකුව, 2025 වසර සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධන අනුපාතය සියයට 3.3 ලෙස පෙන්වයි. පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 1.5 කට වඩා සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගත් අතර, එය ආයෝජකයන් තුළ ඇති විශ්වාසයේ සැලකිය යුතු ඉහළ යාමක් සනිටුහන් කළේය. දියුණුවන මධ්‍යම පන්තිය සහ වැඩිවන නාගරීකරණය මගින් ශක්තිමත් කරන ලද ප්‍රධාන අංශ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් තිබේ’’’ යැයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර ප්‍රචාරණකරුවන්, ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන් සමඟ සම්බන්ධ කිරීම මගින්, මෙම සමුළුව රැකියා අවස්ථා නිර්මාණය කරදීම, දැනුම හුවමාරු කරගැනීම, ව්‍යාපාර නවෝත්පාදනය උත්ප්‍රේරණය වැනි තිරසර, දීර්ඝකාලීන හවුල්කාරීත්ව ගොඩනැඟීම කෙරෙහි ඉවහල් වෙයි. ප්‍රචාරණ සංවර්ධනය ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම The Global Franchise Forum (GFF) හි කැපවීම, සෘජු විදේශීය ආයෝජන (FDI) ආකර්ෂණයකර ගැනීමේ සහ දකුණු ආසියාතික කලාපයේ තරඟකාරී හා ගතික ව්‍යාපාර කේන්ද්‍රස්ථානයක් ලෙස රට ස්ථානගත කිරීමේ ශ්‍රී ලාංකේය පුළුල් ජාතික දැක්ම සමඟ කිසිදු බාධාවකින් තොරව සමපාත වේ. 

 



අදහස් (0)

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර වෙළෙඳ නාම සමග 2025 Global Franchise Forum කොළඹදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි නම් විකල්ප අවශ්‍යයි
2025 අප්‍රේල් මස 30 65 0

ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක


DFCC බැංකුව AFC හරිත බැඳුම්කරවල රුපියල් මිලියන 500ක් ආයෝජනය කරයි
2025 අප්‍රේල් මස 30 38 0

DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක


ලංකා බැංකුවෙන් රුපියල් බි. 666 ඉක්මවූ අවුරුදු ගනුදෙනු
2025 අප්‍රේල් මස 30 36 0

ලංකා බැංකුව 2025 අලු‍ත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම


2025 -26 වර්ෂවලදී ආර්ථික සංගණනයක්
2025 අප්‍රේල් මස 30 27 0

2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.


උසස් අධ්‍යාපනය නැංවීමට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය සමග ගිවිසුමක්
2025 අප්‍රේල් මස 30 18 0

උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත


රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ කෙටුම්පත වැඩිදියුණු කිරීමට කමිටුවක්
2025 අප්‍රේල් මස 30 14 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 376 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site