ලැයිස්තුගත සමාගම්වල කොටස් මිල දී ගැනීමේ ප්‍රවාහන, ගෘහ මෙවලම්, පාරිභෝජන, රක්ෂණ හා මුල්‍ය අංශවලට ඉල්ලුමක් වර්ධනය විය. වෙළෙඳපොළ ස්ථාවරභාවය පැහැදිලි වූ නමුත්, ඉදිරි දිනවල කොටස් විකිණීමේ නැඹුරුවක් අපේක්ෂා කළ හැකිය. සුළු ආයෝන අංශ ලාබ සහිතව කොටස් විකිණීමට උත්සාහ කරනු ඇති බව දැක්වේ. කෙසේ වෙතත් බැංකු හා රක්ෂණ, වැවිලි, බලශක්ති හා පාරිභෝජනය වැනි ක්ෂේත්‍රවලට අයත් සමාගම්වල කොටස් මිල දී ගැනීමේ උනන්දුවක් අලුත් වටයකින් ඇති විය හැකි භාවයක් ද තිබේ.
ඊයේ (සැප්. 24) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,338.45 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 55.61 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,081.06 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 7.92 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 5.56 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 30,288 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 185.7 ක් විය. සමාගම් 134 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 114 කි. දිනයේ ආරම්භයේ දී සැලකිය යුතු ඉල්ලුමක් තිබුණ නමුත් පසුව තියුණු පසුබැසීමක් අවසානයේ දී හොඳ ස්ථාවර භාවයකට පැමිණ ගනුදෙනු හැසිරෙන ආකාරයක් නිරීක්ෂණය කළ හැකි විය.
ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆයිනෑන්ෂල් රු. මිලියන 1,500 ක ණයකරයක් නිකුත් කර ඇති අතර ෆස්ට් කැපිටල් ද ණයකරයක් නිකුත් කොට තිබේ. එයින් ලබාගැනීමට අපේක්ෂිත ප්‍රමාණය රු. මිලියන 3,000 කි. මෑත කාලය තුළ නිකුත් වූ ණයකරවලට හොඳ ඉල්ලුමක් තිබුණ අතර ආයෝජන අංශ වණිජ බැංකු තැන්පත් හැරුණු කොට වෙනස් පැතිවලට යොමු වෙමින් තිබේ. මෙම සතියේ ආරම්භයේ සිට විදේශික මිල දී ගැනීම්වල දියුණුවක් දක්නට ලැබේ. පළමු දින දෙක තුළ පමණක් රු. බිලියන 630 ක පමණ මුදලක් රටට ලැබී ඇත. එය වාසිදායක ආරම්භයකි.
වැලිබල් වන් රු. මිලියන 371 ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රු. මිලියන 306 ක්, ජෙට්වින් සිම්පොනි රු. මිලියන 227 ක්, එල්. බී. ෆිනෑන්ස් රු. මිලියන 219 ක්. ජෝන් කීල්ස් රු. මිලියන 212 ක්, නේෂන් ට්‍රස්ට් බැංකුව රු. මිලියන 211 ක්, ඩිජිටල් මොබිලිටි රු. මිලියන 166 ක්, සිටෙයරා කේබල් රු. මිලියන 160 ක්, සහ හැටන් නැෂනල් බැංකුව නිෂ්ඡන්ද මිලියන 130 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්‍රතිලාභ සහිත සමාගම්වලට යහපත් ඉල්ලුමක්