
භානුක අමරසිංහ
මැයි මාසයේදී කොළඹ වරාය තුළ සිදුකළ ප්‍රතිනැව්ගතකිරීම් ඉහළ යාමත් සමගින්ම වසර තුළ පළමුවරට ධනාත්මක වර්ධනයක් වාර්තා කිරීමට කොළඹ වරාය සමත්ව ඇතැයි වාර්තා පවසයි.
මෙහිදී මැයි මාසය තුළ කොළඹ වරාය මගින් අඩි 20 බහාලුම් ඒකක 573,366ක් ප්‍රතිනැව්ගත කිරීම සිදු කර ඇති අතර, එය මේ වසර තුළ මාසයක් සඳහා වාර්තා කළ ඉහළම අගය ලෙස සැලකෙයි. එසේම එය පෙර වසරේ මැයි මාසය හා සැසඳීමේදී සියයට 12ක වර්ධනයකි.
කෙසේ වෙතත් 2024 වසරේ මෙම කාලසීමාව හා සැසඳීමේදී 2025 එම කාලසීමාව වනවිට සිදු කර ඇති බහාලුම් ප්‍රතිනැව්ගතකිරීම් තවදුරටත් සියයට 2.7කින් පහළ වැටී තිබේ. එසේම අප්‍රේල් මාසය වනවිට එය පෙර වසරේ එම කාලය හා සැසඳීමේදී සියයට 6.2ක පහළ වැටීමකි.
මෙලෙස මැයි මාසය වන විට කොළඹ වරාය තුළ සිදුකළ ප්‍රතිනැව්ගත කිරිම්හි සිදු වූ ඉහළ යාම සැලකිය යුතු අවස්ථාවක් බව ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෝ පවසති. එහෙත් කොළඹ වරාය සතු සමස්ත කාර්යක්ෂමතා මට්ටම පිළිබඳව තවදුරටත් අවධානය යොමු කළ යුතුව ඇති බවත් ඔවුහු පවසති
මේ අතර මැයි මාසයේදී කොළඹ වරාය වෙත පැමිණි නැව් සංඛ්‍යාව 398ක් ලෙස පෙර වසරේ මැයි හා සැසඳීමේදී සියයට 6.7ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, මැයි මාසය දක්වා එය සියයට 5.7ක වර්ධනයක් පෙන්නුම් කරමින් පැමිණි නෞකා සංඛ්‍යාව 2005ක් ලෙස සටහන්ව තිබේ.
2025 දෙසැම්බර් මස 18
567
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රතිනැව්ගතකිරීම් ඉහළ යාමෙන් කොළඹ වරායේ වර්ධනයක්