භානුක අමරසිංහ
කොළඹ වරාය නගරය හෙවත් කලම්බු පෝර්ට් සිටියේ සිදු කරන දැවැන්තම ව්‍යාපෘතිය වන මරිනා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය 10 වැනිදා ආරම්භ විය. මෙම අවස්ථාවට සංචාරක සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මෙරට චීන තානාපති කුයි සෙන්හොන්ග් යන මහත්වරු සහභාගි වූහ.
හෙක්ටයාර 3.1ක භූමියක ඉදි කෙරෙන මෙම මරිනා ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 120 කි. LOLC හෝල්ඩිංග්ස් සමූහය සහ එහි ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී යන සමාගම් CHEC Port City Colombo Ltd. සමාගම හා හවුල්කාරීත්වයෙන් මෙම ව්‍යාපෘතිය සිදු කරයි.
LOLC සමූහය නියෝජනය කරමින් එහි සභාපති ඉෂාර නානායක්කාර, LOLC සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් අධ්‍යක්ෂ කමන්ත අමරසේකර යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ. කොළඹ වරය නගර ආර්ථික කොමිසමේ සභාපති හර්ෂ අමරසේකර, CHEC හි කළමනාකාර අධ්‍යක්ෂ වැන්ග් ගාන්ග් යන මහත්වරුන්ද ඊට එක්ව සිටියහ.
මෙහිදී මෙම ආයෝජනය සම්බන්ධයෙන් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ලීඑල්සී වෙත සිය සතුට ප්‍රකාශ කළ අමාත්‍ය විජිත හේරත් මහතා මෙසේ පැවසීය. “රට කෙරෙහි ශක්තිමත් පැහැදීමක් සහ විශ්වාසයක් තබා තිබෙන ප්‍රමුඛතම ආයෝජන කණ්ඩායමක් බවට ඔබ පත්ව තිබෙනවා. ඉදිරියේදි ශ්‍රී ලංකාව ක්ෂේත්‍ර රැසක් තුළ ආයෝජන මධ්‍යස්ථානයක් බවට පත්වේවි. එතැනදී ශ්‍රී ලංකාව තුළ වඩාත් ව්‍යාපාර මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කරමින් ආයෝජන ගලාඒම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විශාල භූමිකාවක් ඉටුකරාවි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පෝර්ට් සිටියේ මරිනා ව්‍යාපෘතියේ වැඩ ඇරඹෙයි