
විමුක්ති එස් රුද්‍රිගු
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (09) ප්‍රකාශ කළේය. එම සහන කාලය පසුගිය 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබිණ.
මිලියන 25 ට අඩු ණයක් ලබාගෙන ඇති, පසුගිය 31 වැනිදා පෙරට ණය ලබාගත් බැංකුවට ගොස් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඉහත සහන කාලය දීර්ඝ කිරීම ලබා දීමට රජය තීරණය කර ඇත. එසේම මිලියන 25 ත් 50 ත් ණයක් ලබාගෙන එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පසුගිය 31 වැනිදාට පෙර බැංකු සමග සාකච්ඡා කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකන්ට ඉහත සහනය එළැඹෙන සැප්තැම්බර් 30 දක්වා ලබාදීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පැවැසුවේය. මිලියන 50 කට වැඩි ණයක් ගෙන, එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පසුගිය 31 වැනිදාට පෙර ණය ලබාගත් බැංකුව සමග සාකච්ඡා කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඉහත සහනය ජූනි 30 දක්වා ලබාදී ඇත.
2025 නොවැම්බර් මස 04
179
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2066
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1585
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි