යොහාන් භාසුර
මෙරට නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් ‘ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය’ පසුගිය පෙබරවාරි මස 56.8 ක අගයක් වාර්තා කළ බවත් සේවා අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශනය පෙබරවාරි මස 56.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.
මෙම වර්ධනය සඳහා සියලුම උපදර්ශක ධනාත්මක ලෙස දායකවී ඇති බවත් ආහාර පාන නිෂ්පාදනයේ නියුතු සියලුම සමාගම් එළඹෙන උත්සව සමය සඳහා සූදානම් වෙමින් සිටීම නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකය ප්‍රවර්ධනය වීමට බලපෑ බවත් මහ බැංකුව කියයි.
ඉහළ යන ඉල්ලුමට මුහුණදීම සඳහා සේවා නියුක්තිය සහ තොග මිලදීගැනීම් ඉහළ ගොස් ඇති බව කියන මහ බැංකුව සැපයුම්කරුවන්ගේ කාර්යබහුලත්වය පිළිබිඹු කරමින් පෙබරවාරි මස ඇණවුම් සැපයීමේ කාලය තවදුරටත් ඉහළ ගොස් ඇති බව ද සඳහන් කරයි.
ව්‍යාපාර ක්‍රියාකාරකම් ඉහළ යෑමට බොහෝ අංශවල වූ වර්ධනය ප්‍රධාන හේතුව බවත් ණය දීම ඉහළ යෑම හේතුවෙන් මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව වර්ධනය වීමෙන් තොග සහ සිල්ලර වෙළෙදාම සහ අධ්‍යාපනය ආශ්‍රීත ව්‍යපාර ක්‍රියාකාරකම් ද පෙරවාරි මස වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව කියන මහ බැංකුව දේපළ වෙළෙදාම, වෘත්තීය සේවා, නවාතැන් හා ආහාරපාන සැපයීම, රක්‍ක්‍ෂණ හා අනිකුත් පෞද්ගලික සේවාවලට සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් ද ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ද සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෙබරවාරියේ නිෂ්පාදන-සේවා අංශවල වර්ධනයක්