IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පුනර්ජනනීය බලශක්ති ජනනය නිවාඩු දිනවල නතර කිරීමෙන් කෝටි 32ක පාඩුවක්

  • විදුලිබල මණ්ඩලයේ  තීරණය හේතුවෙන්  ජාතික විදුලිය බල  පද්ධතියට එකතුවීමට තිබූ  විදුලිය ඒකක මිලියන 16කට  අධික ප්‍රමාණයක් අහිමිවෙලා
 
රංජන් කස්තුරි 
පුනර්ජනනීය බල ශක්ති ජනනය කිරීම් ඉරිදා සහ නිවාඩු දිනවල ක්‍රියා විරහිත කිරීමේ ලංකා විදුලිබල මණ්ඩලයේ තීරණය හේතුවෙන් මේ වන විට රුපියල් කෝටි 32ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය සඳහන් කරයි.
මේ වසරේ පෙබරවාරි මස 9 වැනි දින සිට මේ දක්වා ලංකා විදුලිබල මණ්ඩලය එම පියවර ගැනීම හේතුවෙන් ජාතික විදුලිය බල පද්ධතියට එකතුවීමට තිබූ විදුලිය ඒකක මිලියන16 කට අධික ප්‍රමාණයක් අහිමි වී ගිය බවද එම සම්මේලනයේ විධායක සභික ප්‍රභාත්වික්‍රමසිංහ මහතා පැවසීය.
මේ වසරේ පෙබරවාරි මස 9වැනි දින පානදුර ග්‍රිඩ් උපපොළේ සිදුවූ හදිසි බිඳවැටීම හේතුවෙන් රට පුරා එකවර විදුලිය විසන්ධි වීමෙන් පසුව සෝලා, සුළං සහ කුඩා පරිමාණ ජලවිදුලි බලාගාර සෑම ඉරිදා පෝය දිනවල සහ රජයේ නිවාඩු දිනවල පෙරවරු 9 සිට සවස 3 දක්වා ක්‍රියා විරහිත කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරන බවද ඔහු කීවේය.
 
එම දිනවල විදුලි ඉල්ලු‍ම අඩුවීම නිසා ජාතික විදුලි බල පද්ධතිය සමතුලිත කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවක් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළ ද එමගින් පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයට සිදුවන පාඩුව අතිවිශාල බවද වික්‍රමසිංහ මහතා පැවසීය. පෞද්ගලික ආයෝජකයන්ට මෙමගින් සිදුවන අති විශාල පාඩුව දරාගත නොහැකි බවද ඒ නිසා ඊට සාධාරණ වන්දියක් ගෙවන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය. පුනර්ජනනීය බලශක්ති ජනනය මෙලෙස කඩින් කඩ නතර කිරීම නිසා ආයෝජකයන්ට ණය ගෙවීම කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු පවාකර ගැනීමට නොහැකි වී තිබෙන බවද ප්‍රභාත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ලංකා විදුලිබල මණ්ඩලයට බැටරි බලශක්ති ගබඩා පද්ධති ජාතික විදුලිය බලපද්ධතියට හඳුන්වාදීමට නොහැකිවීම හේතුවෙන් මෙම ගැටලු‍ව පැන නැගී ඇතැයි ද ඔහු සඳහන් කළේය.



අදහස් (0)

පුනර්ජනනීය බලශක්ති ජනනය නිවාඩු දිනවල නතර කිරීමෙන් කෝටි 32ක පාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site