ශ්රී ලංකාවේ ආර්ථිකය යහපත් වීම ආරම්භ වීමත් සමග ණය ලබාගැනීම සඳහා ලැබෙන ඉල්ලීම් ඉහළ යෑම හේතුවෙන් මෙරට බැංකු, පෞද්ගලික ණය අයැදුම්කරුවන්ට ලබාදී ඇති ණය ප්‍රමාණය අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම රජයට ලබාදී ඇති ණය ප්‍රමාණය ඉක්මවා ගොස් ඇතැයි ද සදහන්ය.
පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට බැංකු, රුපියල් බිලියන 91.6 ක මුදලක් පෞද්ගලික (රාජ්‍ය නොවන) ණය අයැදුම්කරුවන්ට ණය මුදල් ලෙස ලබාදී ඇති බවත් එය සැප්තැම්බර් මස ලබාදී තිබූ රුපියල් බිලියන 88 ට සහ ඔක්තෝබර් මස ලබාදී තිබූ රුපියල් බිලියන 74ට වඩා ඉහළ අගයක් බවත් මහ බැංකු දත්ත වාර්තා වල සඳහන් වේ. ඉකුත් දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 193ක මුදලක් ණය වශයෙන් ලබාදී ඇතැයිද මහ බැංකු දත්තවල සදහන්ය.
වෙළෙදපොළ ණය පොලී අනුපාත පහත වැටීම මෙලෙස පෞද්ගලික අංශයේ ණය වර්ධනය අඛණ්ඩව වේගවත් වීමට හේතු වී ඇත. මෑත කාලීනව සිදුවුණු මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමෙන් පසු කෙටි කාලීන මුදල් වෙළෙඳපොළ අනුපාත පහත වැටුණු අතර වෙළෙඳපොළ ණය සහ තැන්පතු අනුපාත ද පහළ යෑම සිදුවිය.
පසුගිය අගෝස්තු මාසයේදී පෞද්ගලික (රාජ්‍ය නොවන) ණය අයැදුම්කරුවන්ට මෙරට බැංකු රුපියල් බිලියන 135 ක මුදලක් ණය ලෙස ලබාදී තිබූ අතර එය පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල රුපියල් බිලියන 88 සහ 74 දක්වා පහළ ගොස් තිබිණි. එහෙත් නැවත වරක් මෙරට ආර්ථිකය ධනාත්මක මාවතක් කරා යොමුවීම ආරම්භ වීමත් සමග පසුගිය ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 74 ක් දක්වා පහත ගොස් තිබූ පෞද්ගලික ණය මුදල් ප්‍රමාණය නැවත වරක් නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 96 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, බැංකුවලින් රජයට ලබාදෙන ණය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල සම්පූර්ණයෙන්ම අඩු වූ නමුත් ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 8.8කින් සහ නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 28.4කින් පමණ වර්ධනය වී ඇත.
ශ්‍රී ලංකා රුපියල් අර්බුදයකට ලක්ව තිබූ කාලයේදී පවා මෙරට බැංකු ලබාදී ඇති පෞද්ගලික ණය රජයට ලබාදී ඇති ණය ඉක්මවා ගොස් ඇතැයි මහා බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.
මහ බැංකුව විසින් හුවමාරු හරහා සංචිත ණයට ගන්නා විට සහ විවෘත වෙළෙදපොළ මෙහෙයුම් පාලනය කිරීමට මැදිහත්වන විට පවා මෙරට බැංකු පෞද්ගලික ණය ගැතියන්ට ලබාදී ඇති ණය රජයට ලබාදී ඇති ණය ඉක්මවා ගොස් ඇති බවත් පැවැසෙයි. ඉන් ආයෝජන සහ ප්‍රාග්ධන ඉහළ ගොස් ඇති බවත් අතරමැදි ආනයන ඉහළ ගොස් ඇති බවත් සඳහන් වේ.
තිරසාර ණය වර්ධනයක් සහ හිතකර පොලී අනුපාත කොන්දේසි හේතුවෙන්, රටේ ආර්ථික ක්‍රියාකාරකම්, මෙම 2025 වසරේ දී එහි ධනාත්මක ගමන් මගකට යොමු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පෞද්ගලික ණය ගැනීම් ඉහළ ගිහින්