IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පීඩාවට පත් අපනයනකරුවන්ට සහාය වීමට EDB වෙතින් කඩිනම් වැඩපිළිවෙළක්

වඩාත්ම බලපෑමට ලක් වූ අපනයනකරුවන්ගේ සවිස්තරාත්මක හානි තක්සේරු කිරීම් අපනයන සංවර්ධන මණ්ඩලය දැනටමත් ආරම්භ කරලා.

නිෂ්පාදන ධාරිතාවට සිදුවන අහිතකර බලපෑම් අවම කිරීමට සහ අපනයනකරුවන්ට නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වා ගැනීමේ හැකියාව ආරක්ෂා කිරීමටත් උත්සාහයක්.


අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන අංශයට සිදුවූ බලපෑම අනුව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) කඩිනම් සහන සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ඒ සඳහා වන සාකච්ඡාවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ පරිශ්‍රයේදී පැවැත්වූ අතර ඒ සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් එරන්දික දිසානායක, වැඩ බලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කුමුදිනී මුදලිග, වෙළෙඳ පහසුකම් හා වෙළෙඳ තොරතුරු අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය සංජීව රත්නසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ අපනයනකරුවෝ සහභාගී වූහ.

අයහපත් කාලගුණික තත්වයෙන් වඩාත්ම බලපෑමට ලක් වූ අපනයනකරුවන්ගේ සවිස්තරාත්මක හානි තක්සේරු කිරීම් අපනයන සංවර්ධන මණ්ඩලය දැනටමත් ආරම්භ කර ඇති අතර මෙම තක්සේරු කිරීම් අපනයන අංශයට අවශ්‍ය ඉලක්කගත සහන මැදිහත්වීම් සඳහා මඟ පෙන්වනු ඇත.

අපනයන අංශය මුහුණ දෙන ක්ෂණික අභියෝග විසඳීම සඳහා උපායමාර්ගික මැදිහත්වීම් ක්‍රියාත්මකව සිදු කරමින් පවතින බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය. මෙම ක්‍රියාමාර්ග අපනයන මෙහෙයුම්වලට සිදුවන බාධා අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර ජාත්‍යන්තර වෙළෙඳපොළට භාණ්ඩ හා සේවා අඛණ්ඩව ලබා දීම සහතික කරයි. 

තවද නිෂ්පාදන ධාරිතාවට සිදුවන අහිතකර බලපෑම් අවම කිරීමට සහ අපනයනකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වා ගැනීමේ හැකියාව ආරක්ෂා කිරීමට උත්සාහ දරනු ලබයි. කාර්යක්ෂම නිෂ්පාදන හා අපනයන ක්‍රියාවලියක් සඳහා බාධාවකින් තොරව කටයුතු කිරීමත් බිඳ වැටුණු සැපයුම් දාම නැවත සක්‍රිය කිරීමත් ප්‍රමුඛතාවයකි. මෙම ඉලක්කගත ක්‍රියාමාර්ග හරහා අපනයන සංවර්ධන මණ්ඩලය අපනයන වර්ධනය තිරසාර කිරීමට සහ කෙටිකාලීන බාධකවලට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට අපේක්ෂා කරයි.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) මෙහෙයුම් ශක්තිය ඉක්මනින් නැවත සක්‍රිය කිරීමට සහාය වීම සඳහා රජයේ විශේෂ අවධානය මේ වන විට යොමු කර ඇත.



අදහස් (0)

පීඩාවට පත් අපනයනකරුවන්ට සහාය වීමට EDB වෙතින් කඩිනම් වැඩපිළිවෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site