මෙරට පාරිභෝගිකයන් අතර ජනප්‍රිය නෙස්ලේහි ‘මැගී පපරේ’ වෙළෙඳ නාමය යටතේ hot and spicy ගණයට තවත් අසමසම රසයක් පාරිභෝගිකයන් වෙත ලබා දීමට නෙස්ලේ ලංකා සමාගම පසුගියදා කටයුතු කළේය. ඒ ‘‘මැගී පපරේ බ්ලාස්ට්’ හඳුන්වා දෙමිනි. මෙම රසවත් නව නිෂ්පාදනය සෑම කටගැස්මකදීම පුපුරා යන රසක් ලබා දීම විශේෂත්වයකි.
‘රස පත්තු වෙන මැගී පපරේ බ්ලාස්ට්’ යන්න තේමා කරගත් මෙම නවතම නිෂ්පාදනය රස නහර පිනවන්නට සමත් වනු ඇත්තේ අන් කිසිවකටත් වඩා වෙනස්ම රසයක් ඔබ වෙත ගෙන එමිනි. ලූණු කුඩු, කරපිංචා, මිරිස් කුඩු, සුදු ලූනු හා ගම්මිරිස් ඇතුළු ආහාර රස ගන්වන ස්වභාවික සාරයන්ගෙන් නිෂ්පාදනය කර ඇතිිමැගී පපරේ බ්ලාස්ට්’ හි කිසිදු කෘතිම රස කාරකයක් හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් වඩා වැඩි රසයක් මුවගට එක් කිරීමට සමත් වනු නිසැකය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙස්ලේ ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා මෙසේ පැවසීය. “ මැගී පපරේ බ්ලාස්ට් නිෂ්පාදනයේදී පාරිභෝගිකයා වඩාත් කැමති රස පිළිබඳ ඉතා හොඳින් අධ්‍යනය කිරීමට අපි කටයුතු කළ අතර අපගේ සූප ශාස්ත්‍ර හැකියාව උපයෝගී කර ගනිමින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාට ගැළපෙන අද්විතීය රස එකතුවක් නිර්මාණය කිරීමට ඒ හරහා අපට හැකියාව උදා වුණා.”
වසර 30කට අධික කාලයක් සුවහසක් ශ්‍රී ලාංකීය නිවෙස්වල නොමඳ ආදරය දිනාගෙන සිටින මැගී නූඞ්ල්ස්, නිෂ්පාදනය කරනු ලබන්නේ මෙරට හොඳම අමුද්‍රව්‍ය යොදා ගනිමිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නෙස්ලේ නවතම නිෂ්පාදනය ‘මැගී පපරේ බ්ලාස්ට්’ එළි දකී