IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ශ්‍රී ලංකාවේ HSBC පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කරගනී

‘හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් (HSBC)’ ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පාරිභෝගික බැංකු කටයුතු මුළුමනින්ම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) විසින් පවරාගත් බව නිවේදනය කර සිටී.
HSBC විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය පාරිභෝගික බැංකුකරණ කටයුතු සියල්ල නේෂන්ස් ට්‍රස්ට් බැංකුව භාරයට පත්වෙන අතර, ප්‍රමුඛ පෙළේ බැංකුකරණ ගනුදෙනුකරුවන්, ක්‍රෙඩිට් කාඩ්පත්, පෞද්ගලික ණය ඇතුළුව දළ වශයෙන් නවතම ගනුදෙනුකරුවන් 200,000කගේ ගිණුම් මේ අනුව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට හිමි වේ. මෙමගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට, තවත් අමතර ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකු ගනුදෙනුකරුවන් අති විශාල සංඛ්‍යාවක් වෙත සිය සේවය ලබාදීමට හැකියාව ලැබෙන අතර, බැංකුවේ ආයතනික ඉලක්ක වෙත වඩාත් වේගවත්ව ළඟාවීමේ අවස්ථාව උදා වී ඇත.
‘මෙම දැවැන්ත ආයෝජනයට සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර අරමුදල් පමණක් යොදාගැනීම’; නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ දැවැන්ත මූල්‍ය ශක්තිය සහ උපායමාර්ගික ප්‍රවේශය දක්වයි. එමගින්, බැංකුවේ දැවැන්ත මූල්‍ය ස්ථාවරත්වය, ශක්තිමත් බැංකු මෙහෙයුම් සහ ක්‍රමානුකූලව පුළුල් වීම සඳහා දක්වන කැපවීම; තවදුරටත් අවධාරණය කෙරේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක මහතා ප්‍රකාශ කළේ; ‘මෙය බැංකුවේ ගමන්මගේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවත්, ආයතනික වර්ධනය, නවෝත්පාදන හඳුන්වාදීම මෙන්ම සේවා විශිෂ්ටත්වය සඳහා බැංකුව දක්වන දැඩි කැපවීම ද පිළිබිඹු කරන බවයි’. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ, ‘ප්‍රමුඛ පෙළේ බැංකුකරණයේ ඉහළින්ම නිරත ශ්‍රී ලාංකීය බැංකුවක් ලෙස, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තවත් අති විශාල ගනුදෙනුකරුවන් සංඛ්‍යාවකට සේවය ලබාදීමට හැකිවීම මහත් අභිමානයක් බවයි’. මෙම බැංකු දෙකේ ‘සංස්කෘතිය, සන්නාම සදාචාරත්වය, සිය ගනුදෙනුකරුවන් කෙරෙහි දක්වන දැඩි අවධානය සහ මූල්‍ය ස්ථාවරත්වය මත පදනම්ව’ සිදු කරන මෙම නව වෙනස්කම ‘HSBC ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ඉතා පහසුවෙන් බැංකුවෙන් බැංකුවට සංක්‍රමණය වීමට උපකාර වන බව අපේක්ෂා කෙරෙන’ බවත්, ඒ මහතා අවධාරණය කළේය. අදින් වසර 25කට පෙර ලංකාවට ‘ප්‍රයිවෙට් බෑන්කිං’ හඳුන්වාදුන් පළමු දේශීය බැංකුව වන NTB මේ වනවිට ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්‍රයේ ද වෙළෙඳපොළ නායකත්වය දරයි. මෙම නවතම පියවරත් සමග ‘ප්‍රමුඛ පෙළේ පාරිභෝගික බැංකුකරණය’ තුළ - නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නායකත්වය තවත් සවිමත් වන අතර, ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ප්‍රතිලාභ ලබාදීමට බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම සනිටුහන් කරයි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින්, ලංකාවේ HSBC සාමාජිකයන් උණුසුම් ලෙස පිළිගැනීමට සූදානම්ව සිටින අතර, අන්‍යෝන්‍ය ගෞරවය, අවංකභාවය, එකමුතු බව සහ විශිෂ්ට සේවාව මත ගොඩනැගුණු පසුබිම සමග පොදු අරමුණක් ඉදිරියට යාමට බැංකුව සැමවිට කැපවී සිටී.
මෙම පවරා ගැනීමේ ක්‍රියාවලිය, නියාමන අනුමැතියට යටත්ව 2026 පළමු භාගයේ දී අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.



අදහස් (0)

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ශ්‍රී ලංකාවේ HSBC පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1377 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1276 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 464 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site