IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


නව ව්‍යවසාය ක්ෂේත්‍රයට ජාත්‍යන්තර අවධානය එක් කළ Disrupt Asia 2025

නවෝත්පාදනය, ව්‍යවසායකත්වය සහ තාක්‍ෂණය සම්බන්ධයෙන් කැපී පෙනෙන සිව් දින වැඩසටහනක් වන Disrupt Asia 2025 පසුගිය දා අති සාර්ථකව නිමාවට පත් වූයේ දකුණු ආසියාවේ නැගී එන නවෝත්පාදන මධ්‍යස්ථානය ලෙස ලංකාව හිමි කරගෙන ඇති ස්ථානය නැවත වරක් තහවුරු කරමිනි. සත්කාරක ලංකාව ඇතුළු රටවල් 20ක ව්‍යපාරික හවුල්කරුවන් 100කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, කලාපයේ නව ව්‍යවසායක ජාල සහ රටවල් අතර හවුල්කාරිත්වය ශක්තිමත් කරමින්, ලංකාවේ නවෝත්පාදන හැකියාව පිළිබඳ මින් පෙර නොවූ ජාත්‍යන්තර විශ්වාසයක් සනිටුහන් කරන්නට ද මෙම වැඩසටහන සමත් විය. 
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (ICTA) සහයෝගය යටතේ පැවති මෙම සුවිශේෂී වැඩසටහනේ ශීර්ෂ අනුග්‍රහක දායකත්වය Mastercard විසින් දරනු ලැබූ අතර, සහයෝගී හවුල්කරුවන් ලෙස Venture Engine, nVentures, Trace Sri Lanka සහ Asaya Sands මෙන්ම ලංකාවේ උපායමාර්ගික හවුල්කරුවන් වන ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මෙය එක්ව බලගන්වනු ලැබීය.
“Disrupt Asia 2025 යනු අපේ රටේ තරුණ තරුණියන් බල ගැන්වීමට, ගෝලීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මෙන්ම සමෘද්ධිමත් ඩිජිටල් ආර්ථිකයක් කරා යන ජාතියේ ගමන්මග වේගවත් කරමින් නවෝත්පාදනවලට දිරිය දීමට ක්‍රියාත්මක කළ වැඩසටහනක්. විධිමත් ඩිජිටල් පරිවර්තනයක් රට තුළ ඇති කිරීම සඳහා වන ජාතික න්‍යාය පත්‍රය රජය විසින් අඛණ්ඩව ක්‍රියාවට නඟමින් සිටින මේ මොහොතේ, මෙවැනි වැඩසටහන්වලින් දක්ෂ ව්‍යවසායකයන් සහ ගෝලීය ආයෝජන අවස්ථා ළඟා කරගැනීමට ශක්තිමත් පාලමක් නිර්මාණය කරනවා. එපමණක් නොව, කලාපය පුරා නවෝත්පාදනය සඳහා දොරටුවක් ලෙස ලංකාව ස්ථානගත කරන්නටත් මෙය හේතුවක්,”‍ යනුවෙන් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.
දින හතරක් පුරා පැවති මෙම උත්සව මාලාව ආරම්භ වූයේ කොළඹ Cinnamon Life හිදී Lanka Angel Network (LAN) විසින් සංවිධානය කරන ලද Venture Engine තරගයෙනි. අපේක්ෂකයන් 160කට අධික ගණනකින් සහ තේරීම් වට කිහිපයකින් සමන්විත වූ මෙම අංගයේදී, බලාපොරොත්තු තැබිය හැකි නව ව්‍යවසාය 12ක් මෙරට ඉහළම තලයේ සිටින දේශීය ආයෝජකයන් සහ කලාපීය ව්‍යාපාරික හවුල්කරුවන් (VC) වෙත ඔවුන්ගේ යෝජනා මාලා සජීවීව ඉදිරිපත් කරන ලදී. තරගය, ප්‍රමුඛ පෙළේ හවුල්කරුවන් සහ කර්මාන්ත නියෝජනය කළ පිරිස් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ අතර, වටිනා සම්බන්ධතා ජාල නිර්මාණය කරමින් නව ව්‍යවසායකයන් සහ පැමිණි පිරිසට නව දොරටු විවර කරන්නට ද හේතු විය.
වැඩසටහනට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් අතර, ජාතික සහ උපායමාර්ගික හවුල්කරුවන්ගේ ඉහළ පෙළේ නියෝජිතයන්, රාජ්‍ය තාන්ත්‍රික පිරිස්, ආයතන ප්‍රධානීන්, ආයෝජකයන්, ඉන්දියාව, ඕමානය, කටාර්, සිංගප්පූරුව සහ අනෙකුත් රටවල ජාත්‍යන්තර නියෝජිතයන් ඇතුළත් වූ අතර, එමගින් ලංකාවේ නවෝත්පාදන ඉලක්ක සඳහා ලැබෙන ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගය පෙන්නුම් කළේය. විශේෂිත ප්‍රධාන දේශන කිහිපයක්, සමූහ සාකච්ඡා, වාද විවාද සහ ලංකාවේ හොඳම නව ව්‍යවසාය 30 සමග හවුල්කාරීත්ව ඇති කිරීම සඳහා වන සුවිශේෂී වැඩසටහන්වලින් උත්සවය සමන්විත විය.

 



අදහස් (0)

නව ව්‍යවසාය ක්ෂේත්‍රයට ජාත්‍යන්තර අවධානය එක් කළ Disrupt Asia 2025

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32370 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14877 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 378 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1306 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site