IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නුවරඑළිය The Golden Ridge හෝටලයට World Luxury Awards සම්මාන

නුවරඑළියේ සුව පහසු හෝටලයක් වන The Golden Ridge හෝටලය World Luxury Awards 2025 සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් දිනා තිබේ. ගෝලීය වශයෙන් පිළිගත් එම සම්මාන උළෙල සිංගප්පූරුවේ PARKROYAL Hotel Pickeringහිදී පැවැත්විණි. ගෝලීය ජයග්‍රාහකයා - සුඛෝපභෝගී කඳුකර හෝටලය, නිරිතදිග ආසියානු ජයග්‍රාහකයා - සුඛෝපභෝගී නවීන හෝටලය, නිරිතදිග ආසියානු ජයග්‍රාහකයා - සුඛෝපභෝගී කඳුකර හෝටලය එම සම්මාන ත්‍රිත්වය වේ.

 මුහුදු මට්ටමේ සිට අඩි 7,339ක උසින් පිහිටි මෙරට උසින් වැඩිම නගරයේ පිහිටි The Golden Ridge වෙත පැමිණෙන අමුත්තන්ට විශිෂ්ට ආගන්තුක සත්කාර සහ සේවා සමග ඉතා උසස් නේවාසික අත්දැකීමක් ලැබිය හැකිය. අක්කර 5ක භූමි භාගයක් පුරා පැතිරී ඇති එම හෝටලය Deluxe, Deluxe Quadruple, Family Rooms, Junior Suites, Mountain View Suites යන ඛාණ්ඩවලට අයත් සුව පහසු කාමර 84කින් සමන්විත වේ. 

අමුත්තන්ට Clovelly Kitchen, Skyline Rooftop Lounge & Bar, Sackville, Pedro Heights, Taylor’s Lounge & Bar යන ආපන ශාලා වෙත ගොස් ප්‍රණීත ආහාර පාන රස විඳිය හැකිය. අමුත්තන්ට උපරිම සුව පහසු අත්දැකීමක් සැපැයීමට හැකි වන සේ ආපන ශාලා සැලසුම් කර තිබේ. සභාපති ශ්‍රියානන්ද විජේකෝන්, අධ්‍යක්ෂ චානුක විජේකෝන් සහ සාමාන්‍යධිකාරී පුෂ්පිත උඩවත්ත යන මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ මෙරට සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වී ඇති The Golden Ridge මෙලෙස ගෝලීය මට්ටමින් සම්මානයට පාත්‍ර වීම එහි ගමන් මගේ සුවිශේෂ සන්ධිස්ථානයකි. “මෙම ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවන් වෙන්නේ අපගේ දෙස් විදෙස් අමුත්තන්, කැප වීමෙන් සේවය කරන කාර්ය මණ්ඩලය සහ ව්‍යාපාර හවුල්කරුවන්.” ශ්‍රියානන්ද විජේකෝන් මහතා සඳහන් කළේය.



අදහස් (0)

නුවරඑළිය The Golden Ridge හෝටලයට World Luxury Awards සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site