IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නොවැම්බරයේදී තේ අලෙවියේ වටිනාකම සියයට 5.37 කින් ඉහළට

2024 නොවැම්බරය හා සැසඳීමේදී සියලු‍ම තේ වගාබිම්වල තේ අලෙවියේ වටිනාකම් ඉහළට

ජනවාරි - නොවැම්බර් තේ අලෙවියේ වටිනාකමේ රුපියල් 63.49 ක පහත වැටීමක්


භානුක අමරසිංහ


මේ වසරේ නොවැම්බර් මාසයේදී ජාතික තේ අලෙවියේ වටිනාකම කිලෝවක් සඳහා රුපියල් 1,198.39ක් (ඩොලර් 3.91ක්) ලෙස සටහන්ව තිබේ. මෙය 2024 නොවැම්බර් මාසයේදී කිලෝවක් සඳහා වාර්තා වූ රුපියල් 1,137.22 ක (ඩොලර් 3.89 ක) වටිනාකම හා සැසඳීමේදී රුපියල් 61.17 කින් (ඩොලර් 0.02කින්) එනම් රුපියල් වටිනාකම් අනුව සියයට 5.37ක් සහ ඩොලර් වටිනාකම් අනුව සියයට 0.51ක ඉහළ යාමකි.

මෙහිදී පෙර වසර හා සැසඳීමේදී 2025 නොවැම්බර් මාසයේදී සියලු‍ම තේ වගාබිම්වල තේ අලෙවියේ වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බව Forbes and Walker Research ආයතනය නිකුත් කළ අලු‍ත්ම වාර්තාව මගින් සඳහන් කර සිටියි.

ඒ අනුව උස් වගාබිම් තේ කිලෝග්‍රෑමයක් රුපියල් 1,092.89ක (ඩො. 3.74ක) සිට රුපියල් 1,157.52 ක් (ඩො. 3.78ක්) දක්වා රුපියල් 64.63 කින් (ඩො. 0.04 කින්) ඉහළ ගොස් තිබේ. එසේම මැදි වගා බිම් තේ කිලෝවක් රුපියල් 990.25ක (ඩො. 3.39 ක) සිට රුපියල් 1,030.24 ක් (ඩො. 3.36ක්) දක්වා රුපියල් වටිනාකමින් රුපියල් 39.99 කින් ඉහළ ගොස් ඇති නමුත්, ඩොලර් වටිනාකමින් ඩො. 0.03 කින් පහත වැටී තිබේ. මීට අමතරව පහත් බිම් තේ කිලෝවක් රුපියල් 1,191.73ක (4.08ක) සිට රුපියල් 1,258.93 ක් (ඩො. 3.91ක්) දක්වා රුපියල් 67.20 කින් (ඩො. 0.03කින්) ඉහළ ගොස් තිබේ.

මේ අතර 2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා වන මුල් මාස 11ක කාලයේදී ජාතික තේ අලෙවියේ වටිනාකම රුපියල් වටිනාකම් අනුව මෙන්ම ඩොලර් වටිනාකම් අනුවද පහත වැටී තිබෙන බව Forbes and Walker Research ආයතනය සඳහන් කරයි. එහිදී තේ වගාබිම් සියල්ලගේම වටිනාකම් පහත වැටී තිබේ.

ඒ අනුව මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ තේ කිලෝවක වටිනාකම රුපියල් 1,164.97ක් (ඩො. 3.88ක්) ලෙස සටහන්ව ඇති අතර, එය පෙර වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ රුපියල් 1,228.46 (ඩො. 4.05) හා සැසඳීමේදී රුපියල් 63.49 ක (ඩො. 0.17ක) අඩුවිමකි.

තේ වගා බිම් අනුව ගත් විට උස් වගා බිම් තේ කිලෝවක වටිනාකම මේ වසරේ මුල් මාස 11 තුළදී රුපියල් 1,094.32 ක් (ඩො. 3.65ක්) ලෙස සටහන්ව ඇති අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවේදී පැවැති රුපියල් 1,142.68 (ඩො. 3.77) හා සැසඳීමේදී රුපියල් 48.36 ක (ඩො. 0.12) අඩුවිමකි. එසේම මේ වසරේ මේ දක්වා මැදි වගා බිම් තේ කිලෝවක වටිනාකම රුපියල් 1,023.94ක් (ඩො. 3.41ක්) වන අතර එය පෙර වසරේ පැවැති රුපියල් 1,066.85 (ඩො. 3.52) හා සැසඳීමේදී රුපියල් 42.91 ක (ඩො. 0.11) අඩුවිමකි. මේ වසරේ මුල් මාස 11 දී පහත් වගා බිම් තේ කිලෝවක් රුපියල් 1,164.97ක් (ඩො. 3.88ක්) වූ අතර, එය 2024 පැවැති රුපියල් 1,228.46 (ඩො. 4.05) හා සැසඳීමේදී රුපියල් 63.49ක (ඩො. 0.17ක) අඩුවීමකි.



අදහස් (0)

නොවැම්බරයේදී තේ අලෙවියේ වටිනාකම සියයට 5.37 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site