LAUGFS Holdings Limited විසින් වසර 30ක දූරදර්ශී නායකත්වයක් සමඟ උපායමාර්ගික වර්ධනයක්ද ලබමින් ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව සිය ව්‍යාපාර කටයුතු සිදු කරමින් පැමිණි ගමන් මගේ සුවිශේෂී සංධිස්ථානයක් ආඩම්බරයෙන් සමරයි.
1995 වසරේ දී Gas Auto Lankaලෙස ස්ථාපිත කිරීමෙන් පසුව, මේ වන විට LAUGFS ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සහ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් බවට පත් වෙමින්, බලශක්ති, සිල්ලර වෙළෙඳාම, හෝටල් සහ සංචාරක සේවා, නිෂ්පාදන, ප්‍රවාහන සහ සැපයුම් කටයුතු, දේශීය ඖෂධ නිෂ්පාදනය, ඉංජිනේරු, වෙළඳාම් සහ තවත් බොහෝ අංශ බල ගැන්වීමට සමත් වී ඇත. අද වන විට සමාගම් 20කට අධික සංඛ්‍යාවක එකතුවෙන් සහ ජාත්‍යන්තර වෙළෙඳපොළවල් දක්වා විහිදෙන මෙහෙයුම් ජාලයක් ද සමගින්, LAUGFS නවෝත්පාදන සමගින් ජාතික සංවර්ධනය සඳහා ද කැපී පෙනෙන දායකත්වයක් සපයයි
පසුගිය දශක තුන තුළ, LAUGFS විසින් සිය මෙහෙයුම් උපායමාර්ගිකව විවිධාංගීකරණය වෙමින් විවිධ අංශ හරහා ජාතික ආර්ථික වර්ධනයට ද සැලකිය යුතු ලෙස සිය දායකත්වය ලබා දී ඇත.
LAUGFS, Gas LPG ආනයනයේ සිට ප්‍රමුඛ කලාපීය බලශක්ති සැපයුම්කරුවෙකු දක්වා විහිදී ඇති අතර, ඒ වෙනුවෙන් LPG භාණ්ඩ ප්‍රවාහන නෞකා කාණ්ඩයක් පවත්වා ගෙන යන LAUGFS Maritime සහ අග්නිදිග ආසියාවේ විශාලතම LPG ප්‍රතිනැව්ගත කිරීමේ පහසුකම් සපයන LAUGFS Terminals විසින් සිය සහය ලබා දී ඇත.
LAUGFS Power මගින් ජල විදුලි සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති හරහා රටේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් ඉටු කරයි. LAUGFS රබර් රටවල් 50 කට වැඩි ගණනකට ඝන ටයර් අපනයනය කරන ගෝලීය වශයෙන් පිළිගත් අපනයනකරුවකු ලෙස ද කටයුතු කරන අතර, NCE සම්මාන උළෙලේ දී හොඳම සමස්ත අපනයනකරු සම්මානය ද දිනා ගැනීමට සමත් විය. LAUGFS Supermarkets ශ්‍රී ලංකාවේ පළමු 24/7 (පුරා පැය විසිහතරම ක්‍රියාත්මක වන) සුපිරි වෙළෙඳසැල් ද ඇතුළුව අලෙවිසැල් 40 ක ජාලයක් සමග සිල්ලර වෙළෙඳාම් අංශයේ කැපී පෙනෙන වෙනසක් කිරීමට ද සමත් විය. LAUGFS Eco Sriවාහන විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථාන 240ක සංඛ්‍යාවක් සමඟ පරිසර හිතකාමී දේශයක් ගොඩනැගීමට කැපවී සිටින අතර, LAUGFS Leisure විසින් සුඛෝපභෝගී නිවාඩු නිකේතන දෙකක් වන Anantaya Resort & Spa ChilawසහAnantaya Resort & Spa Passikudah හරහා ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය ප්‍රවර්ධනය කිරීමෙහි ලා කැප වී සිටී. එමෙන්ම ශ්‍රී ලංකාවේ පළමු දේශීය ලිහිසි තෙල් සන්නාමය වන LAUGFS Lubricants විසින් මේ වන විට ජාත්‍යන්තරවද සාර්ථකව සිය මෙහෙයුම් දියත් කිරීම ආරම්භ කර ඇත.
මීට අමතරව දිවයිනේ ප්‍රමුඛතම ඛනිජ තෙල් අලෙවිකරුවකු ලෙස LAUGFS පෙට්‍රෝලියම් මෙන්ම, විශ්වාසදායක මෝටර් රථ සේවා සපයන LAUGFS Car Care ද, උසස් යාන්ත්‍රික, ඉදිකිරීම් විසඳුම් ලබා දෙන LAUGFS Engineering, දේශීය ඖෂධ නිෂ්පාදනය සමගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය ශක්තිමත් කිරීමට සූදානම් වන LAUGFS Life Sciencesද, දේපළ වෙළෙඳාම් සංවර්ධනය සහ වත්කම් කළමනාකරණය සඳහා LAUGFS Property මෙන්ම, LAUGFS සමූහයේ බලශක්ති වෙළෙඳ මධ්‍යස්ථානය ලෙස ඩුබායි හි පිහිටුවා ඇති SLOGAL Energy DMCCමගින් මෙම විවිධාංගිකරණය වූ සේවා සමූහය තවදුරටත් ශක්තිමත් කරයි.
ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත වූ සමූහයක වසර තිහක සුවිශේෂී ගමන පිළිබඳව අදහස් දැක්වූ සමූහයේ සභාපති ආචාර්ය ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා මෙසේ පැවසීය. “මෙම වසර 30ක සැමරීම අපගේ දැක්ම පිළිබඳ මෙන්ම, LAUGFS හි කොටස්කරුවන් වූ සෑම පුද්ගලයකුගේම කැපවීමට සාක්ෂියක්. ආරම්භයේ සිටම අපි ව්‍යාපාර ගොඩනැගීම මෙන්ම ශ්‍රී ලාංකීය ජන ජීවිතය නගාසිටුවන සමූහයක් ලෙසින් ද, නවෝත්පාදනය, ව්‍යවසායකත්වය සහ වගකීම කෙරෙහි අපගේ ඇති නොසැලෙන අවධානය අපගේ සාර්ථකත්වයට හේතු වී තිබෙනවා. අපි අපේ මීළඟ පරිච්ඡේදයට පිවිසෙන විට අපේ අභිලාෂය වන්නේ, දේශීයත්වයට මුල්තැන දෙමින් ශ්‍රී ලාංකීය ජන ජීවිතය නගාසිටුවමින්, අපගේ අරමුණු සමඟ වටිනාකමක් සහිත ගමනක් යමින් අපගේ ජාත්‍යන්තර පියසටහන් තවදුරටත් පුළුල් කිරීමයි.”
මේ අතර සමූහයේ නියෝජ්‍ය සභාපති තිලක් ද සිල්වා මහතා සමාගමේ ජයග්‍රහණ පිටුපස ඇති මානව වත්කම පිළිබඳ අවධාරණය කරමින් සිය අදහස් ඉදිරිපත් කරමින් මෙසේ පැවසුවේය, LAUGFS හි අපහට, අපගේ ජනතාව ශ්‍රේෂ්ඨතම වත්කමයි. වසර ගණනාවක් පුරා අපගේ ප්‍රගතියට හේතුව වී ඇත්තේ ඔවුන්ගේ නොපසුබට උත්සාහය සහ නිර්මාණශීලීත්වයයි. සමානාත්මතාව, සහයෝගිතාව සහ අඛණ්ඩව දියුණු වීම අගය කරන සංස්කෘතියක් අපි විසින් පවත්වා ගෙන ආවෙමු. අනාගත නායකයින් බිහිකිරීම, ජන ජීවිතය නඟා සිටුවීම මෙන්ම සමාජීය සමෘද්ධිමත්භාවය වෙනුවෙන් අපි බලාපොරොත්තු සහගත ව කැප වී සිටින්නෙමු.”
එමෙන්ම සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය රවී එදිරිසිංහ මහතා ද මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කරමින් මෙසේ සඳහන් කළේය. “සෑම විටම විශිෂ්ටත්වය LAUGFS හි හදවතයි. නවෝත්පාදන මෙහෙයවීම, තිරසාර විසඳුම් ඉදිරියට ගෙන යාම මෙන්ම නව සහ නැගී එන වෙළෙඳපළ දක්වා ව්‍යාපාර කටයුතු විහිදීම මගින් අනාගත අභිවෘද්ධිය ඇති කිරීම කෙරෙහි අපගේ අවධානය යොමු වී තිබෙනවා. අපගේ ජනතාවට, අපගේ හවුල්කරුවන්ට සහ අප සේවක ප්‍රජාවට අර්ථවත් අවස්ථා නිර්මාණය කරමින්, අපගේ ජාත්‍යන්තර තරගකාරිත්වය තවත් ඉදිරියට ගෙන යාමට අපි අධිෂ්ඨාන කර ගෙන සිටිනවා. LAUGFS හි ඊළඟ පරිච්ඡේදය වන්නේ නව අදහස් වෙනුවෙන් ඉඩ දෙමින්, උපායමාර්ගික වර්ධනයක් වෙත ළඟාවෙමින් ව්‍යාපාරික කටයුතු නගාසිටුවීමයි.”
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
නවෝත්පාදනයට ඉඩ දෙමින් ලද ප්‍රගතිය සමග LAUGFS සිය 30 වැනි සංවත්සරය සමරයි