ශ්රී ලංකාවේ ප්‍රථම දෘෂ්‍ය කණ්ණාඩි අලෙවි කිරීමේ පුරෝගාමියා වන එරික් රාජපක්ෂ ඔප්ටිකල්ස්හි නවීකරණය කරන ලද නවතම ශාඛාව පසුගියදා කොල්ලුපිටියේදී ව්‍යාපාරිකයන්ගේ, වෘත්තිකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙස විවෘත කරන ලදී.
එහි සමූහ සාමාන්‍යධිකාරී චානක තිස්ස වීරසිංහ පැවැසුවේ අතීතයේ සිට පැවත එන එරික් රාජපක්ෂ ආයතනයේ සාරධර්මවලට ප්‍රමුඛතාව දෙමින් මෙම ශාඛාව විවෘත කළ බවයි. 1917දී ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘෂ්‍ය කණ්ණාඩි ආයතනය ලෙස ආරම්භ කළ දවසේ පටන් එරික් රාජපක්ෂ නාමයට අනන්‍යවූ ගුණාංග සහිතව අද දක්වාම ක්‍රියාත්මක වේ.
වර්තමානය දක්වා කටයුතු කළ සියලුම සභාපතිවරුන්ගේ මග පෙන්වීම යටතේ එරික් රාජපක්ෂ ආයතනය අඛණ්ඩ දියුණුවක් ලබා ඇත. “හොඳ කණ්ණාඩියක් - සාධාරණ මිලකට සෑම කෙනාටම පෙනීම නොව හොඳම පෙනීම තිබිය යුතුය” යන තේමාව ඔස්සේ තම ආයතනය කටයුතු කරන බව චානක තිස්ස වීරසිංහ පැවසීය. නව ශාඛාව අංක 341, ගාලු පාර, කොල්ලුපිටිය ලිපිනයේ පිහිටා ඇති අතර එහිදී සතියේ දින පහ තුළ නවීන තාක්ෂණික සේවා සමඟ අක්ෂි විශේෂඥවරුන් හමු වී ඇස් පරීක්‍්ෂා කර ගත හැකිය. ලෝකයේ දැනට පවතින නවීනතම උපාංගවලින් සමන්විත එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥයන් වෙත වරක් පැමිණ නැවුම් අත්දැකීමක් විඳ ගන්නා ලෙස ජනතාවට ආරාධනා කරයි. ඡායාරූපයේ දැක්වෙන්නේ 108 වසරක විශිෂ්ටත්වය සැමරීම සඳහා එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥයන්ගේ එකතුවේ ඇති පැරැණිම අක්ෂි ආරක්ෂණ උපකරණයක් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රසන්ත ප්‍රනාන්දු මහතා විසින් එළිදක්වනු ලබන ආකාරයයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නවීකරණය කළ එරික් රාජපක්ෂ නවතම ශාඛාව කොල්ලුපිටියේදී විවෘත වේ