නව Aqua Proof 7 in 1 හඳුන්වා දීමෙන් නිවැසියන්ට ජල කාන්දුවීම් හා තෙතමනයෙන් ඇති වන හානිය මග හරවා ගැනීමට නිපෝන් පෙන්ට් සහාය වෙයි. එය බිත්ති ආරක්ෂා කරන අතර නිවස නැවුම්, පිරිසුදු සහ අලංකාර ලෙස තබා ගන්නා ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුත් ජලය කාන්දු නොවන තීන්තයකි.
“Nippon Paint Lanka සමාගමේ අපි, ලාංකික නිවාස හිමියන්ගේ අවශ්‍යතා තේරුම් ගැනීමට සමත් වී සිටිමු,” යයි Nippon Paint Lanka අධ්‍යක්ෂ ජනරාල් Low Yoon Pak පැවසීය.
“අනපේක්ෂිත මෝසම් වැසිවල සිට වෙරළබඩ ප්‍රදේශ දක්වා, අපි අපගේ නිෂ්පාදන නිර්මාණය කරන්නේ මෙම ජීවිතයේ අත්විඳින අභියෝග හිතේ තබාගෙනයි. නව්‍යකරණය අප කරන සෑම දෙයකටම මුල් වන අතර, නවAqua Proof 7 in 1 එහි ප්‍රතිඵලයක්.”
“බිත්ති මත ආලේප කරන තීන්තවලින් ජලය කාන්දුවීම වැළැක්වීමට බලාපොරොත්තු වෙනවා නම්, ඒ සඳහා කදිම විසඳුමක් තියෙන්නේ නිපෝන් පේන්ට් හඳුන්වා දුන් Aqua Proof 7 in 1 වලින් තමා. මෙහි විශේෂත්වය වෙන්නේ, ජල විකර්ෂක ගුණයයි. ඒ වගේම තීන්ත පටලය මත ජලය නොරැඳෙන නිසා තීන්ත පටලය මත කුණු, දූවිලි ද රැඳෙන්නේ නෑ. හොඳ ඝණකමට වගේම ඇදෙනසුළු තීන්ත පටලයක් ඇතිවෙන නිසා දැඩි හිරු රශ්මියෙන් වෙන හානි වගේම, පරණ බිත්ති මත ඇතිවන සියුම් ඉරිතැලීම් පවා ආවරණය වනවා. දිලීර හා ඇල්ගී වර්ධනය නොවන නිසා තීන්ත පටලය නිසා ආරක්ෂාව සහ අලංකාරය සහතික වෙනවා.”
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නිපෝන් පේන්ට් නව Aqua Proof 7 in 1 හඳුන්වා දෙයි