IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නිදහස් සැමරුම වෙනුවෙන් අලුත උපන් බිලිඳුන්ට මහජන බැංකුවෙන් තිළිණ

මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා අලුත උපන් බිලිඳුන් වෙනුවෙන් තිළිණ පිරිනමන අයුරු. රෝහල් අධ්‍යක්ෂකවරු, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ටී.එම්.ඩබ්ලිව්.චන්ද්‍රකුමාර සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) වික්‍රම නාරයන යන මහත්වරුද මෙහි වෙති.


ශ්‍රී ලංකාවේ 77 වැනි ජාතික නිදහස් දිනය සමරමින් කොළඹ 02, මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්විණි.

එමෙන්ම සෑම වසරකම නිදහස් දිනයට සමගාමීව මහජන බැංකුව ක්‍රියාත්මක කරන ‘නිදහසේ උපත’ වැඩසටහන මෙවරද ක්‍රියාවට නැංවිණි. මේ යටතේ පෙබරවාරි 01 වැනි දින සිට 14 වැනි දින දක්වා සතිය තුළ මෙරට උපත ලබන සෑම බිලිදකු වෙනුවෙන්ම රු 2000/= ක් වටිනා ඉසුරු උදාන තිළිණ පතක් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා ඇත. 

මහජන බැංකුවේ ඉසුරු උදාන ගිණුම 1998 වසරේදී හඳූන්වාදුන් අතර, දේශීය අභිමානය ජනිත කිරීමේ අරමුණ පෙරදැරිව මෙන්ම සැබෑ නිදහසක් දරුවන්ට උරුම කරදීම සඳහා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් මවුපියන් තුළ කිසියම් ඉලක්කගත අරමුණක් ඇති කිරීම තේමා කරගනිමින් මහජන බැංකුව ‘නිදහසේ උපත’ වැඩපිළිවෙළ ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේදීය. ළගම පිහිටි මහජන බැංකුවට දරුවාගේ උපත තහවුරු කරන ලියකියවිලි සහ මෙම තිළිණ පත ඉදිරිපත් කර දරුවා වෙනුවෙන් ඉසුරු උදාන ගිණුමක් විවෘත කරවාගෙන මුදල් තැන්පත් කරමින් ඉදිරියට පවත්වාගෙන යා හැකිය.

මෙම වැඩපිළිවෙළ ආරම්භ කරමින් පෙබරවාරි 04 දින උදෑසන මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා විසින් බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී හා බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේදී සංකේතාත්මකව ඉසුරු උදාන තෑගි තිළිණපත් හා ත්‍යාගයන් පිරිනමන ලදී.

මීට අමතරව මහජන බැංකුව සිය සමාජ සත්කාරක මෙහෙවරක් ලෙස බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලට උපත් ලියාපදිංචි කිරීමේ හා ගිණුම් විවෘත කිරීමේ කවුඵවක් සමඟ පුටු කට්ටලයක් සහ ද සොයිසා කාන්තා රෝහලට පුටු කට්ටලයක් පිරිනැමීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවලට බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන, බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ යන මහත්වරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය, මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ කොළඹ උතුර හා දකුණ ප්‍රාදේශිකයන්හි බැංකු කාර්ය මණ්ඩලය සහභාගී වුහ.

මීට අමතරව නිදහසේ උපත වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට මහජන බැංකුව කටයුතු යොදා තිබිණි.



අදහස් (0)

නිදහස් සැමරුම වෙනුවෙන් අලුත උපන් බිලිඳුන්ට මහජන බැංකුවෙන් තිළිණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site