IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නිත්‍යකල්‍යාණි ජුවලරි වෙතින් අඛණ්ඩව නව වැනි වරටත් ලේ දන්දීමේ වැඩසටහනක්

ස්වර්ණාභරණ අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි විසින් නව වැනි වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහන පසුගියදා ආයතන පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්විණි. කොළඹ නැගෙනහිර රොටරි සමාජය සහ CfPS නීති පාසලේ  Rotaract  සමාජය සමග ඒකාබද්ධ වී දියත් කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ, වෛද්‍යවරුන්ගේ, හෙද නිලධාරීන්ගේ, වැල්ලවත්ත පොලිසියේ, ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ තවත් බොහෝ දෙනකුගේ සහයෝගය හිමි විය. 

ප්‍රදේශවාසීන් ඇතුළු පරිත්‍යාගශීලීන් 150කට ආසන්න පිරිසක් වැඩසටහනට පැමිණ සිටි අතර ඒ අතරින් 100කට අධික පිරිසක් ලේ දන් දීම සඳහා සුදුසුකම් ලැබුහ. ලේ දන් දුන් සියලු‍ම දෙනාට සිහිවටනයක් ලෙස වටිනා ඡායාරූපයක් පිරිනැමීමට සුජීවා මහත්මිය ප්‍රමුඛ නිත්‍යකල්‍යාණි ජුවලරි කාර්ය මණ්ඩලය කටයුතු යොදා තිබිණි. සමස්ත වැඩසටහන සහ පරිත්‍යාගශීලීන්ට දුන් තිළිණ පිළිබඳව පැමිණ සිටි සියලු‍ දෙනාගේ ප්‍රශංසාව හිමි විය. 

“අප විසින් සිදු කරනු ලබන සමාජ සත්කාර රැසක් අතරින් එකක් වන මෙම ලේ දන් දීමේ වැඩසටහන මෙවරත් අති සාර්ථක ලෙස පවත්වන්නට හැකි වුණා. එළැඹෙන වසරේදීත් මෙම වැඩසටහන පවත්වන්නට අප බලාපොරොත්තු වෙනවා.” වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ප්‍රධාන විධායක නිලධාරී සහ නැගෙනහිර කොළඹ රොටරි සමාජයේ සභාපති ඒ. පී. ජෙයරාජා මහතා සඳහන් කළේය. ආයතනික සමාජ වගකීම මැනවින් හඳුනා ගෙන ඇති වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි නිරන්තරයෙන් සමාජ සහ ප්‍රජා සත්කාර වැඩසටහන් සංවිධානය කරයි. වෙරළ තීරය පිරිසුදු කිරීමේ කටයුතු, ආගමික ස්ථාන නවීකරණය සහ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට දායකත්වය දැක්වීම ඒ අතරින් ප්‍රධාන වේ. ඔවුන් මෑතකදී සෞඛ්‍ය සේවකයන් සහ වැල්ලවත්ත නගරයේ පවිත්‍රතා කටයුතුවල නිරත සේවක සේවිකාවන් ඇගැයීමේ වැඩසටහනක්ද සංවිධානය කර තිබිණි.



අදහස් (0)

නිත්‍යකල්‍යාණි ජුවලරි වෙතින් අඛණ්ඩව නව වැනි වරටත් ලේ දන්දීමේ වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site