ආරියරත්න රණබාහු
දේශීය ටයර් කර්මාන්තය නංවාලීම සඳහා උපාය මාර්ග සොයා බැලීමට වෙෙළඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය ටයර් නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්විණි.
ආර්ථික අභියෝග මධ්‍යයේ විදේශ විනිමය සංචිත සංරක්ෂණය සඳහා තීරණාත්මක පියවරක් ලෙස, ආනයනික ටයර් මත යැපීම අවම කිරීමේ අරමුණින් සහ දේශීය ටයර් කර්මාන්තයේ කැපී පෙනන අයුරින් නගා සිටුවීම සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්විණි. මේ සම්බන්ධයෙන් වෙෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සිය නිල ෆෙස්බුක් ගිණුම ඔස්සේ ද සටහනක් පළ කරමින් පෙන්වා දුන්නේ, ආර්ථික අභියෝග ජය ගනිමින්, විනිමය සංචිත ඉතිරි කර ගැනීමට නම් දේශීය වෙළෙඳ සම්පත් නැංවිය යුතු බවය.
සාකච්ඡාව අතරතුරේ ටයර් ආනයනයේ ඉහළ පරිමාව පිළිබඳව සංගමය සිය කනස්සල්ල පළ කළ අතර, දේශීය නිෂ්පාදන තිබියදී පවා, වෙෙළඳෙපාළ අතිරික්තයක් පැවැතීම ගැන අවධානය යොමු කළේය. “මෙම ගැටලුව විසඳීම ටයර් නිෂ්පාදකයන්ගේ සංගමය, ටයර් ආනයනය සීමා කිරීම් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළා. ඔවුන් පෙන්වා දුන්නේ, එවැනි ක්‍රියාමාර්ග දේශීය නිෂ්පාදකයන්ට සහය වනවා පමණක් නොව රටේ සීමිත විදේශ සංචිතවල මූල්‍ය පීඩනය අඩු කරනු ඇති බවයි.” යැයි අමාත්‍ය වසන්ත සමරසිංහ සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ පැහැදිලි කර ඇත.
මෙම ගැටලුවලට ප්‍රතිචාර වශයෙන්, දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද ටයර්වල RBW මිල අඩු කිරීමට එකඟතාවකට එළැඹුණු අතර, එමඟින් ඒවා පාරිභෝගිකයන්ට වඩාත් දැරිය හැකි මිලකට ලබා ගත හැකි බව ද තීරණය කෙරුණි. දේශීය නිෂ්පාදන කෙරෙහි පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිති පවත්වා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කෙරුණි. මිල අඩු කිරීම් ගුණාත්මක භාවයට හානියක් නොවිය යුතු බවට ද එකඟතාවක් ඇති කර ගැනුණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දේශීය ටයර් කර්මාන්තය නැංවීමට වෙළෙඳ අමාත්‍යාංශයේ අවධානය