IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට රු .ට්‍රිලියන 1.95 ක ඉතිහාසගත බදු ආදායමක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් එකතු කළ ඉහළම බදු ආදායම වාර්තා කරමින් 2024 වසරේදී රුපියල් ට්‍රිලියන 1.95 ක් බදු අදායමක් එකතු කර ඇතැයි දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව 2023 වසරේ එකතු කළ රුපියල් ට්‍රිලියන 1.56 බදු ආදායමට සාපේක්ෂව එය සියයට 25.1 ක ඉහළ යාමක් බවත් ඉන් විවිධ බදු කාණ්ඩවල සැලකිය යුතු වර්ධනයක් ඉස්මතු කරන බවත් දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. පසුගිය වසරේදී ආදායම් බදු ලෙස රුපියල් බිලියන 1023 ක් එකතු කර ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 112.1 ක වැඩි වීමක් බවද දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව පැවැසීය.

එකතු කළ අගය මත බද්දෙන් ලැබුණු ආදායමද මෙම වසරේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් 2023 වසරේ රුපියල් බිලියන 245.5 ක් වූ එකතු කළ අගය මත බද්දෙන් ලැබුණු බදු ආදායම පසුගිය වසරේදී රුපියල් බිලියන 714.7 ක් දක්වා වර්ධනය වී ඇති බවත් දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

සමාජ ආරක්ෂණ දායක බද්දෙන් (SSCL)  පසුගිය වසරේ බදු අදායමට රුපියල් බිලියන 187 ක මුදලක් එකතු වී ඇති අතර සූදු සහ ඔට්ටු ඇල්ලීමේ බද්දෙන් සමස්ත බදු ආදායමට රුපියල් බිලියන 14.9 ක් එකතු වී ඇත.

මීට අමතරව, කොටස් ගනුදෙනු බද්දෙන් රු. බිලියන 3.1 ක්ද, පළාත් සභාවලට ප්‍රේෂණය කළ බදුවලින් රුපියල් බිලියන 14.8 ක්ද, වෙනත් බදු මූලාශ්‍රවලින් රුපියල් මිලියන 271ක්ද, සමස්ත බදු ආදායමට පසුගිය වසරේදී එකතු වී ඇතැයි දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව පැවැසුවේය.



අදහස් (0)

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට රු .ට්‍රිලියන 1.95 ක ඉතිහාසගත බදු ආදායමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site