IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉහළම බදු ආදායම රැස්කරයි

  • 2025 වර්ෂය වෙනුවෙන් නොවැම්බර් 17 වැනි දින වන විට රැස්කර ඇති මුදල රු.මි.2,002,241 ක්
  • 2024 වර්ෂයේ සමස්ත ආදායමට සාපේක්ෂව රු.මි. 60,079 ක වැඩිවීමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2025 වර්ෂය වෙනුවෙන් නොවැම්බර් 17 වැනි දින වන විට රැස්කර ඇති බවත් එය රුපියල් මිලියන 2,002,241 ක් (රුපියල් බිලියන 2,002.241ක්) පමණ වන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම ආදායම 2024 වර්ෂයේ සමස්ත ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමක් බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්නා දෙයි.
2024 සමස්ත වර්ෂයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස් කරන ලද රුපියල් මිලියන 1,942,162 ක බදු ආදායම සමග සැසඳීමේ 2025 වසරේ නොවැම්බර් 17 වැනි දින වන විට බදු ආදායම රුපියල් මිලියන 2,002,241 ක් දක්වා වර්ධනය කර ගැනීමෙන් රාජ්‍ය මුල්‍ය තත්වය ශක්තිමත්ව පවත්වා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රශංසනීය දායකත්වයක් සපයා ඇත.
පවත්නා බදු නීතියට අනුගත වෙමින් රට වෙනුවෙන් හා රටේ පොදු මහජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් බදු ගෙවන ලද ගෞරවනීය බදු ගෙවන්නන්ටත් ඒ සඳහා විවිධාකාරයෙන් සහයෝගය ලබා දුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීන්ටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය කෘතඥතාව පළ කර සිටියි.

 



අදහස් (0)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉහළම බදු ආදායම රැස්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 123 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 975 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2580 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site