IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දේශීයව නිපදවූ ටින්මාළු ප්‍රථමවරට අපනයනය අරඹයි

  • එක් නැව්ගත කිරීමකින් ඇමෙරිකානු ඩොලර් 38,000 ත් 40,000 ත් අතර ඇස්තමේන්තුගත ආදායමක්
  • මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 8 විදේශ විනිමය ආදායමක් ලබාගැනීමේ බලාපොරොත්තුවක්

විමුක්ති එස් රුද්‍රිගු

ශ්‍රී ලංකාවේ ධීවර අංශයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ටින්මාළු අපනයන කිරීම ප්‍රථම වතාවට පසුගියදා ආරම්භ කළේය. මදුරන්කුලිය ”‍ඕෂන් ෆුඩ්ස්”‍ කර්මාන්ත ශාලාවේ නිෂ්පදනය කළ මෙම ටින්මාළු තොගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අපනයනය කිරීම සඳහා පසුගිය 29 වැනිදා එම කර්මාන්ත පරිශ්‍රයෙන් පිටත් කර හැරියේය.
මෙම අවස්ථාව ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එහිදී අදහස් දක්වමින් ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ටින්මාළු ජාත්‍යන්තර වෙළෙඳපොළේ අලෙවි කිරීම ආරම්භ වීම සන්ධිස්ථානයක් බවයි. 

එක් බහාලු‍මකට ටින්මාළු කෑන් 48,000 ක් පැටවිය හැකි බවත් ඇමෙරිකානු ඩොලර් 38,000 ත් 40,000 ත් අතර මුදලක් එක් නැව්ගත කිරීමකින් ආදායමක් ලෙස උපයාගත හැකි බවත් ඇස්තමේන්තු කර ඇත. ශ්‍රී ලාංකිකයෝ දිනකට ටින්මාළු ටින් ලක්ෂ තුනක් පමණ පරිභෝජනයට ගනිති. දේශීය කර්මාන්තයට දිනකට ටින්මාළු ටින් ලක්ෂ පහක් පමණ නිපදවීමට ධාරිතාව තිබේ. මෙම අපනයන මුලපිරීමෙන් මෙම වසරේ රාජ්‍ය ආදායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 8 ක මුදලක් විදේශ විනිමය ලෙස එකතු කර ගැනීමට රජය බලාපොරොත්තු වේ.

ගුණාත්මකභාවය සහතික කිරීමටත්, පසු අස්වනු අහිමිවීම් අවම කිරීමටත් ඕෂන් ෆුඩ්ස් සමාගම අපනයනය සඳහා විධිමත් සැපයුම් දාමයක් හඳුන්වා දී ඇත. ධීවර බෝට්ටු අල්ලා ගන්නා මාළු අස්වැන්න දින දෙකක් තුළ ඕෂන් ෆුඩ්ස් සමාගමේ අධිශීතකරණ ගබඩා පහසුකම් වෙත රැගෙන යන අතර එතැනින් ආහාර සැපැයුම්ක්‍ රියාදාමය වෙත රැගෙන යයි.



අදහස් (0)

දේශීයව නිපදවූ ටින්මාළු ප්‍රථමවරට අපනයනය අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site