IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දර්ශන ගුණසේකර ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

 

භානුක අමරසිංහ


ලංකා බැංකුවේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දර්ශන ගුණසේකර මහතා පත් කරගත් බව එම බැංකුව පවසයි. ඒ අනුව අගෝස්තු 13 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා බැංකුවෙහි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර ගෙන තිබේ. 
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ජූලි 31 වැනිදා ලබාදුන් උපදෙස් අනුව මෙම පත් කිරීම සිදු කරගත් බව බැංකුව පවසයි. සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත විශේෂිත තේරීම් කමිටුවක් මගින් ගුණසේකර මහතා මෙම ධුරය සඳහා නිර්දේශ කර තිබේ. වසර 25කට අධික කාලයක ක්ෂේත්‍ර රැසක විධායක ධුර අත්දැකීම් සහිත ගුණසේකර මහතා මේ වනවිට MJF Group හි සමූහ මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. මීට පෙර ඒ මහතා වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ, තේ සහ වැවිලි, නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්තිය, ඇඟලු‍ම් සහ මූල්‍ය සේවා යන අංශවල ඉහළ තනතුරු දරා තිබේ.



අදහස් (0)

දර්ශන ගුණසේකර ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site