IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


දර්ශක පහළට වෙළෙඳපොළ පිරිවැටුම ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී දිනය තුළ ගනුදෙනු යුහුසුළුභාවයක් පැවැතිණ. කොටස් මිල අවම තැනකට පත් කර මිල දී ගැනීම ඇතැම් ආයෝජකයන් ගේ ප්‍රවණතාව වූ අතර කොටස් විකිණීමට උත්සාහ කරන ගනුදෙනුකරුවන් ද එම අවකාශය සඳහා එපමණ සූදානම් බවක් නොපෙන්වීම විශේෂත්වයකි. ආරම්භයේ සිට දර්ශක පහත වැටුණ අතර මධ්‍යහ්නය වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,896 දක්වා බිඳවැටීමක් සනිටුහන් කෙරිණ. කෙසේ වෙතත් අවසාන පැයක කාලය තුළ මිල දී ගැනීම්වල තියුණුභාවය හේතු කොටගෙන නැවත යම් ස්ථාවරත්වයක් කරා කැඳවීය. 
වෙළෙඳපොළ පවතින ස්වභාවය අනුව ලාබ ලැබිය හැකි තැනක පවතින අතර මිල දී ගැනීම වාසිදායක විය හැකි බව පෙනේ. සමාගම් ගණනාවක් ලාභාංශ ප්‍රකාශට පත් කොට තිබුණි. සිලෝන් ඉන්වෙස්ට්මන් ෆන්ඞ් රුපියල් 3.00 ක්, සිලෝන් බෙවරේජ් රු. 23.25 ක්, බෙන්සි රෝයල් ශත තිහක් වශයෙන් ය. ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් හි සියයට 77.40 ක කොටස් අයිතිය ව්‍යාපාරික ධම්ම්ක පෙරේරා අයිති කරගෙන තිබේ. කොටසක් රු. 30.20 බැගින් මිල දී ගෙන මෙම පවරාගැනීම සම්පූර්ණ කරන ලද බව වෙළෙඳපොළ වාර්තා දක්වයි.  ඊයේ (ජුනි 08) ගනුදෙනු අවසන් වූ පසු වෙළෙඳපොළ දර්ශක පහත වැටීමක් නිරීක්ෂණය කළ හැකි විය. සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,032.12 ක් දක්වා පහත වැටුණු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 10.08 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,321.75 ක් වශයෙන් අවසන් විය. එය කලින් ගනුදෙනු දිනයට සාපේක්ෂව දර්ශක 18.24 ක අඩුවීමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. මිලියන 8,882.26 ක් ලෙස සඳහන්ය. එය මෑත කාලයේ සාමාන්‍ය ඉක්මවන ලද අගයක් ගෙන තිබේ. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 27,386 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 239.2 ක් විය. සමාගම් 130 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 109 කි. විදේශ මිල දී ගැනීම් රු. මිලියන 67.5 ක් වන අතර විකිණීම් රු. මිලියන 628.6 කි. රටට සැලකිය යුතු අවාසියක් සිදු වී තිබේ. 

නිරීක්ෂක



අදහස් (0)

දර්ශක පහළට වෙළෙඳපොළ පිරිවැටුම ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1543 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site