IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


දැරිය හැකි මිලකට විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් වාහන සිහිනය සැබෑ කරදීමට බ්‍රවුන්ස් EV පෙරමුණ ගනී

 

ඉෂාර නානායක්කාර


 

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන්ස් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව සත්‍යයකි. එබැවින් තවත් වසර 150 ක වෙළෙඳපොළ අපේක්ෂා පෙරදැරි කරගෙන බ්‍රවුන්ස් සහ සමාගම නවතම විද්‍යුත් වාහන පෙළ හඳුන්වා දෙන්නේ ඉමහත් සතුටිනි. මෙහිදී සියලු‍ම ශ්‍රී ලාංකිකයන්ට තිරසාර අන්දමින් මෝටර් රථයක හිමිකාරිත්වය ලබාගත හැකි වන ආකාරයෙන් ප්‍රමිතිය සහ මිල ගැන විශේෂ අවධානයක් යොමු කරමින් පරීක්ෂාකාරීව තෝරාගත් වාහන පෙළක් අපි ඔබට ඉදිරිපත් කරමු. එය නිරන්තරයෙන් වෙනස් වන ජාතියේ අවශ්‍යතා සපුරාලීම සඳහා බ්‍රවුන්ස් හි අප මේ දක්වා තැබූ වඩාත් පෙරළිකාර ඉදිරි පියවරකි. 
සාමාන්‍ය පාරිභෝගිකයකුට ළඟා වීමට වත් නොහැකි මිල ගණන් වලින් ඇතිවන ව්‍යාකූලත්වය නිසා වර්තමාන වාහන වෙළෙඳපොළ තේරුම් ගැනීම බොහෝ දෙනකුට දුෂ්කර අභියෝගයකි. පසුගිය වසර 5 මුළුල්ලේ සිහිනයක්ව පැවති අලු‍ත් වාහනයක හිමිකාරිත්වය ලැබීම දැන් ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුවද අපේ ආර්ථික පුනර්ජීවනයේ කොටස්කරුවන් වන බොහෝ දෙනකුට ළඟා විය නොහැකි මට්ටමක පවතී.
ශ්‍රී ලාංකිකයින්ට වඩාත් අවැසි අවස්ථාවක බ්‍රවුන්ස් EV අපේ ජාතිය නඟා සිටුවීමේ ප්‍රගතියට අත්වැලක් වෙමින් කාලයට ගැළපෙන සියල්ල ඇතුළත් විසඳුම් පෙළක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. බ්‍රවුන්ස්, ඒ සඳහා ගෝලීය විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ පුරෝගාමීන් වනSAIC-GM-Wuling (SGMW) සහ Beijing Auto Works (BAW)  හවුල්කාරිත්වයෙන් ඔබ වෙනුවෙන්ම සුවිශේෂී ලෙස සැකසූ විද්‍යුත් වාහන මාදිලි තුනක් සාඩම්බරයෙන් පිරිනමයි.
විද්‍යුත් වාහනයක් හිමිකරගැනීමට බොහෝ ශ්‍රී ලාංකිකයන් තුළ පැවති දිගුකාලීන සිහිනය යථාර්ථයක් බවට පත් කරන මෝටර් රථය, BAW-E 7 රථයක මිල රුපියල් මිලියන 4.7 ක් පමණි. වෙහෙසකින් තොර නාගරික ගමනාගමනය සඳහා නිර්මාණය කරන ලද E - 7 මටසිළුටු, සුවපහසු ආසන 5 කින් යුත් දොර 5 හේ මෝටර් රථයකි. සුහුරු සහ ආරක්ෂිත විශේෂාංග රැසකින් සපිරි එය ආර්ථිකමය වශයෙන් උපරිම පිරිමැසුම්දායක ධාවනයක් ලබා දෙයි. වඩාත් දැරිය හැකි මිලකට ජාතියට පිරිනමනE -7 විද්‍යුත් මෝටර් රථය මේ මස අගදී බ්‍රවුන්ස් වෙත පමණක් ළඟාවේ. දැන් සිටම ඒ සඳහා ඇණවුම් ඉදිරිපත් කළ හැකිය.  
වැඩි ක්‍රියාකාරිත්ව විශේෂාංග සහ ඉහළ සුඛෝපභෝගී පහසුකම් අපේක්ෂා කරන අපේ පාරිභෝගිකයන් සඳහා, Wuling Binguo  සහCloud,  සහ EVදමා, බ්‍රවුන්ස් EV හි දැන් අලෙවිය සඳහා ඇති බව සතුටින් නිවේදනය කරමු. එහිදී Wuling Binguo රථයක් රුපියල් මිලියන 8.1 කට සහ ක්‍කදමා රථයක් රුපියල් මිලියන 12.4 කටත් මිලදී ගත හැකිවේ. සැලකිය යුතු ඉඩකඩකින් සහ නූතන සුඛෝපභෝගීත්වයෙන් යුත් උමකසබට විද්‍යුත් මෝටර් රථය පවුලේ වාහනයක් ලෙස මෙන්ම වෘත්තිකයන් සඳහාද කදිම තේරීමකි. අසමසම සුවපහසුව සහ අති නවීන තාක්‍ෂණය සමඟ Wuling EV  රිය පැදවීමේ අත්දැකීම ඉහළ තලයකට රැගෙන යයි.  
මෙම මාදිලි තුනම ගුණාත්මකභාවය, ආරක්‍ෂිත බව සහ වඩාත් වැදගත් ලෙස වටිනාකම සම්බන්ධයෙන් බ්‍රවුන්ස් EV, සිය ගනුදෙනුකරුවන් කෙරෙහි ඇති කැපවීම මූර්තිමත් කරයි. මෙම කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, සමස්ත විද්‍යුත් වාහන පෙළ සඳහාම දිගුකාලීන වගකීම් කාලයක් බ්‍රවුන්ස් EV ප්‍රකාශයට පත් කරන්නේ සාඩම්බරයෙනි. 
නව ව්‍යාපාරය පිළිබඳ අදහස් දක්වමින් බ්‍රවුන්ස් EV අධ්‍යක්ෂ නිවේන් නානායක්කාර මහතා මෙසේ පැවසීය. “වසර ගණනාවක් තිස්සේ පැවති ආනයන සීමා හේතුවෙන් වාහනයක හිමිකාරිත්වය අහිමිවී සිටි ශ්‍රී ලාංකිකයන් අපේක්ෂාවෙන් සිටියේ උසස් තත්වයේ වාහනයක් පමණක් නොව සැබවින්ම දැරිය හැකි මිලකට වාහනයක් මිලදී ගැනීමටයි. මෙම විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා නැරඹීමෙන් සහ බ්‍රවුන්ස් E V හි  අපගේ විද්‍යුත් වාහන පෙළ පරීක්ෂා කිරීමෙන් මා වටහා ගත් කරුණක් තිබේ. ඒ මෙම වාහන  අපේ වෙළෙඳපොළට හරියටම ගැළපෙන සුහුරු විශ්වාසදායී, තිරසාර සහ දැරිය හැකි ප්‍රවාහන මාදිලියක් බවයි. අපි ගෝලීයE V පරිණාමය ශ්‍රී ලංකාවට ගෙන ඒම පමණක් නොව, සාමාන්‍ය පාරිභෝගිකයන්ටද වාහන හිමිකාරිත්වය පිළිබඳ සිහිනය යථාර්ථයක් බවට පත් කරන්නේ ඔවුන්ට මෙන්ම රටටද ජයග්‍රහණයක් අත්කර දෙමිනි. මෝටර් රථ කර්මාන්තයේ උරුමය අඛණ්ඩව පවත්වාගෙන යන ව්‍යාපාරයක් ලෙස අපි අනාගතයට යොමු වූ ප්‍රවාහන විසඳුම් හඳුන්වා දීමට ලැබීම ගෞරවයක් සහ වරප්‍රසාදයක් ලෙස සලකමු.”
LOLC හෝල්ඩින්ග්ස් සහ බ්‍රවුන් සහ සමාගම පී එල් සී හි සභාපති ඉෂාර නානායක්කාර මහතා ඒ පිළිබඳ සිය දැක්ම වඩාත් පුළුල් ආකාරයෙන් ඉදිරිපත් කළේ මෙලෙසිනි. 
“බ්‍රවුන්ස් EV දියත් කිරීම ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත ආවේණික විසඳුම් ලබා දීම සඳහා වූ අප ගමන් මගේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. දැරිය හැකි මිලකට පමණක් නොව, දැරිය හැකි ආකාරයෙන් එදිනෙදා භාවිතයට සහ නඩත්තුවට විකල්ප ලබා දෙන එය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රයේ රන් අකුරින් ලියැවෙන අවස්ථාවක් ද වෙයි. සැබෑ ප්‍රගතිය අත්කරගත හැක්කේ ප්‍රවේශය, අවස්ථා සහ නවෝත්පාදනයෙන් ජනතාව සවිබල ගැන්වීමෙන්  බවට වූ අප විශ්වාසය මෙමගින්ද පිළිබිඹු වේ. අපේ නිවහන වූ මේ රටේ ආර්ථික සංවර්ධනය සහ සමාජ අභිවෘද්ධිය ඉදිරියට ගෙන යාම සඳහා බ්‍රවුන්ස් වසර 150 ක් තිස්සේ ජනතාවගේ අවශ්‍යතාවලට අනුගත වී තිබේ. නැවත වරක් කිවහොත් මේ අවස්ථාව උදාවන තුරු බලා සිටි මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට වාහන හිමිකාරිත්වයේ ප්‍රවේශය යළි ඇති කිරීමෙන් අපි වැදගත් ජාතික අවශ්‍යතාවක් සපුරාලමින් සිටිමු. බ්‍රවුන්ස්, LOLC සමග සහයෝගයෙන් මූල්‍යකරණය, රක්ෂණය සහ අලෙවියෙන් පසු සේවාව ඇතුළු සියලු‍ සේවා එකම වහලක් යටදී ලබා දීමට බලාපොරොත්තුවේ. රැකියා, ව්‍යවසායකත්වය සහ පාරිභෝගික තෘප්තිය උදෙසා බලපෑමක් නිර්මාණය කිරීම මෙහිදී අපේ අරමුණයි.” 
ලොව දෙවැනි විශාලතම EV සන්නාමය වන උමකසබට, විද්‍යුත් මෝටර් රථ මිලියන 3 කට වඩා නිෂ්පාදනය කළ චීනයේ පළමු මෝටර් රථ නිෂ්පාදකයායි. BAW විද්‍යුත් මෝටර් රථ සන්නාමය සමඟ එය චීනයේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ ව්‍යවසායකයෙක්ද වෙයි.  බ්‍රවුන් සහ සමාගමේ නොසැලෙන උරුමය සහ එහි මව් සමාගම වන ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන LOLC සමග ඔවුන්ගේ කැපවීම තවදුරටත් ශක්තිමත් වී තිබේ. 
බ්‍රවුන්ස් EV දිවයින පුරා ප්‍රදර්ශනාගාර රැසක් විවෘත කිරීම සඳහා දැන් කටයුතු කරමින් සිටි. ඊට අමතරව වැඩි පහසුකම් සහ ක්‍රියාකාරිත්වයක් සහිත තවත් ඉහළ තත්වයේ වාහන පෙළක්‌ම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට අපේක්ෂා කරයි. එමගින් ඔබගේ සියලු‍ විද්‍යුත් වාහන අවශ්‍යතා එකම ස්ථානයකදී සපුරා ගත හැකි වනු ඇත. 
අප හදවත වන්  පාරිභෝගිකයන් සඳහා වූ දිගුකාලීන සහ තිරසාර කැපවීම තවදුරටත් අවධාරණය කරමින්,  බ්‍රවුන්ස් EV ශ්‍රී ලංකාවේ විශාලතම ආරෝපණ (චාර්ජින්) යටිතල පහසුකම් ජාලය සංවර්ධනය කරමින් සිටී. එමඟින් සියලු‍ම විද්‍යුත් වාහන හිමියන්ට දිවයින පුරා දැරිය හැකි, පහසු සහ විශ්වාසදායක ප්‍රවේශයක් සහතික කරයි.
එමෙන්ම අප ගනුදෙනුකරුවන්ගේ වාහන හිමිකාරීත්වයේ අත්දැකීමට සහාය වීම සඳහා බ්‍රවුන්ස් EV, LOLC ෆිනැන්ස් සහ අනෙකුත් ප්‍රධාන බැංකු සහ මූල්‍ය ආයතන සමග ඒකාබද්ධව නම්‍යශීලී මූල්‍යකරණ විකල්ප ලබා දීමටද සූදානම්. LOLC ඉන්ෂුවරන්ස් මෙහිදී බ්‍රවුන්ස් EV වෙතින් මිලදී ගන්නා විද්‍යුත් වාහන වලට පූර්ණ රක්ෂණාවරණයක් ලබාදෙන අතර බ්‍රවුන්ස් කෙයාර් (Browns Care) විශ්වාසදායී අලෙවියෙන් පසු සේවාවක් සහ අනෙකුත් සහාය ලබාදීමට එක්වේ.
තමන්ට ගැළපෙන විද්‍යුත් වාහනය ගවේෂණයට, පරීක්ෂා කිරීමට සහ තෝරා ගැනීමට කොළඹ 10, ටී.බී. ජයා මාවතේ, අංක 481 දරන ස්ථානයේ පිහිටි බ්‍රවුන්ස් EV ප්‍රදර්ශනාගාරය අවස්ථාව සලසා ඇත. 



අදහස් (7)

දැරිය හැකි මිලකට විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් වාහන සිහිනය සැබෑ කරදීමට බ්‍රවුන්ස් EV පෙරමුණ ගනී

SRINATH Wickremaratchi Friday, 22 August 2025 11:55 AM

කැබ් සහ එස්යූවී වාහන ගැන විස්තර අවශ්‍යයි.

:       0       0

තුෂාරි චම්පිකා Friday, 22 August 2025 12:16 PM

හොඳයි...

:       0       1

[email protected] Friday, 22 August 2025 01:02 PM

මම හිතනවා පොඩි මනුස්සයා ගැන හිතපු එක හොඳයි. අවුරුදු 10 කට ලිස් එකක් අපිට දෙන්න.

:       0       3

Lakshika Subashini Sunday, 24 August 2025 11:04 PM

මම බලාපොරොත්තු වෙනවා ලක්ෂ 47 තිබෙන කාර් රථය මිලදී ගැනීමට ඒ සඳහා මට අවශ්‍ය විස්තර එවන්න....

:       0       2

නිමලසිරි Tuesday, 26 August 2025 10:54 AM

ලක්ෂ 45 ට දාල තිබුනු එකද මාසෙකින් එනවා කිව්වේ. Test run එකක් දුවලා බලන්න බැරිද?

:       0       0

Gamini Withana Tuesday, 26 August 2025 03:52 PM

Baw(4.7) වාහනයක් ගන්න උත්සාහ කරන්නේ ප්‍රශ්නයක් තියෙන්නේ චාර්ඡින් පොයින්ට් වල පැය හයක් විතර රස්තියාදු වෙන්න වීම (කීයක් වැයවෙනවද පුල් චාජ්) වගකීම හා සේවා සඳහා ආදී විස්තර දෙන්න පුළුවන්...

:       0       0

Gamini withana Tuesday, 26 August 2025 03:55 PM

ගාල්ලෙ පුදර්ශනාගාරයක් නැති එක අඩුවක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16884 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site