IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දරුණුතම ආර්ථික අර්බුදයෙන් බැටකෑ රට ගොඩ ගියේ 2024 දී

  • අර්බුදයේ උච්චතම අවස්ථාවේ මෙරට උද්ධමනය සියයට 69.8 ක්
  • එය පසුගිය වසර අවසානය වනවිට සෘණ 1.7 දක්වා පහළ ගිහින්
  • අර්බුදයේ උච්චතම අවස්ථාවේ ඩොලර් 3,464 ක්වූ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසර අවසාන වනවිට ඩොලර් 4,516 දක්වා වර්ධනය වෙලා
  •  එදා සියයට 29.7 ක්වූ පොලී අනුපාතිකය පසුගිය වසර අවසාන වනවිට සියයට 8.9 දක්වා පහළ ගිහින්
  • ඍණ 9.7ක්වූ පෞද්ගලික අංශයේ ණය වර්ධනය පසුගිය වසර අවසාන වනවිට ධන සියයට 10.7 ක් දක්වා වර්ධනයක්

විමුක්ති එස්. රුද්‍රිගු


මෙරට ඉතිහාසයේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් බැටකෑ ශ්‍රී ලංකාව එම අර්බුදයෙන් ගොඩ ආ වසර ලෙස 2024 වසර හැඳින්විය හැකි යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික 
පර් යේෂණ අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය එස්. ජෙගජීවන් මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය.
පසුගිය වසරේදී අඛණ්ඩව මෙරට ආර්ථිකය ස්ථාවරව යථා තත්වයට පත්වූ බවත්, අංශ ගණනාවකින් ආර්ථිකය යථා තත්වයට පත්වීමේ ලකුණු පසුගිය වසරේදී පෙන්නුම් කළ බවත් ආචාර්ය ජෙගජීවන් මහත්මිය පැවැසුවාය. යථා තත්වයට පත්වීමේ මාර්ගය අපහසු එකක් වුවත්, ආර්ථික අර්බුදයට ලක්වූ අනෙකුත් ආර්ථිකයන් සමග සැසඳීමේදී වේගවත් එකක් වූ බව ආචාර්යවරිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ වසර ලෙස 2024 හැඳින්වීමට සාධක ගණනාවක් තිබෙන බවද ඇය සඳහන් කළාය. ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාව වූ 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සියයට 69.8 ක් වූ බවත්, එය පසුගිය වසර අවසානය වනවිට ඍණ 1.7 දක්වා පහළ ගොස් ඇති බවත් ආචාර්ය ජෙගජීවන් මහත්මිය ප්‍රකාශ කළාය.
අඛණ්ඩව වසර දෙකක් හැකිළුණු මෙරට ආර්ථිකය 2022 වසරේදී ඉහළම අගය වාර්තා කරමින් ඍණ සියයට 7.3 කින් හැකිලීමට ලක්වූ බවත්, එය පසුගිය වසර අවසාන වනවිට ධනාත්මක ලෙස වර්ධනය වෙමින්, මෙරට ආර්ථිකය සියයට 5 ක ධනාත්මක වර්ධනයක් ළඟා කරගෙන ඇති බවත් ආචාර්ය ජෙගජීවන් මහත්මිය පැවැසුවාය. ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේ ඇමෙරිකානු ඩොලර් 3,464 ක්වූ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසර අවසාන වනවිට ඇමෙරිකානු ඩොලර් 4,516 දක්වා වර්ධනය වී ඇතැයි ද ඇය ප්‍රකාශ කළාය.
එසේම ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාව වූ 2022 වසරේ නොවැම්බර් මස සිවුවැනි සතියේදී සියයට 29.7 ක්වූ පොලී අනුපාතිකය පසුගිය වසර අවසාන වනවිට සියයට 8.9 දක්වා පහළ ගොස් තිබෙන බව ද අධ්‍යක්ෂවරිය පැවැසුවාය. 2023 වසරේ මැයි මාසයේදී ඍණ 9.7 ක්වූ පෞද්ගලික අංශයේ ණය වර්ධනය පසුගිය වසර අවසාන වනවිට ධනාත්මක සියයට 10.7 ක ප්‍රතිශතයක් දක්වා වර්ධනය වී තිබෙන බව ද ඇය ප්‍රකාශ කළාය.
එහිදී ආචාර්ය ජෙගජීවන් මහත්මිය පෙන්වා දී සිටියේ, ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යාම හේතුවෙන් පසුගිය වසරේදී මෙරට බැංකු පෞද්ගලික අංශයට ලබා දී ඇති ණය සියයට 10.7 කින් රුපියල් බිලියන 790 දක්වා වර්ධනය වී ඇති බවයි. මෙම වසරේ මාර්තු මාසයේදී මෙරට බැංකු පෞද්ගලික අංශයට ලබාදුන් ණය රුපියල් බිලියන 173.2 කින් පුළුල් වී ඇති බවත් ඒ අනුව මෙම වසරේ මුල් මාස තුනේදී මෙරට බැංකු පෞද්ගලික අංශයට රුපියල් බිලියන 274.6 ක ණය මුදලක් ලබා දී තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය.
2022 වසරේ මැයි දෙවැනි සතියේදී රුපියල් 365 ක අගයක් ගත් ඇමෙරිකානු ඩොලරය පසුගිය වසර අවසාන වනවිට රුපියල් 293 දක්වා පහළ ගොස් තිබෙන බවත්, 2022 වසරේ අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7 ක්වූ දළ නිල සංචිත පසුගිය වසර අවසාන වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.1 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ආචාර්ය එස්. ජෙගජීවන් මහත්මිය පැවැසුවාය.
එසේම 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 13.6 ක්වූ රජයේ අක්‍රිය ණය අනුපාතය පසුගිය වසර අවසාන වනවිට සියයට 12.3 දක්වා පහළ ගොස් තිබෙන බව ද ආචාර්ය එස්. ජෙගජීවන් මහත්මිය ප්‍රකාශ කළාය. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 2022 වසරේදී සියයට 114.2 ක්වූ මධ්‍යම රජයේ ණය පසුගිය වසර අවසානය වනවිට සියයට 96.1 දක්වා පහළ ගොස් ඇති බව ද ඇය පැවැසුවාය.
රජයේ මුළු ආදායම සහ ප්‍රදාන 2021 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 8.3 ක්වූ බවත්, එය පසුගිය වසර අවසානය වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13.7 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් ඇය ප්‍රකාශ කළාය. එසේම සමස්ත රාජ්‍ය අයවැය ශේෂය 2021 වසරේ ඍණ 11.7 ක්වූ බවත්, එය පසුගිය වසර අවසාන විට ඍණ 6.8 දක්වා පහළ ගොස් තිබූ බවත් ඇය පැවැසුවාය.
වාර්ෂික ආර්ථික විවරණය 2024 ට අනුව රටේ ආර්ථික තත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා පැවැති දේශනයකදී ඇය මෙම අදහස් පළ කළාය.
එහිදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ, අඛණ්ඩව පැවැත එන අවධමනකාරී තත්වය තවත් මාස 2, 3 කට වඩා නොපවතිනු ඇති බවයි.

 



අදහස් (0)

දරුණුතම ආර්ථික අර්බුදයෙන් බැටකෑ රට ගොඩ ගියේ 2024 දී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site