මේ හරහා සමාගම්වල වියදම් අඩු කරමින් තරගකාරීත්වය වැඩි කිරීම අරමුණයි
භානුක අමරසිංහ
මෙරට ක්‍රියාත්මක දුරකතන සමාගම් සතුව ඇති සක්‍රිය සහ අක්‍රිය විදුලි සංදේශ යටිතල පහසුකම් හවුලේ බෙදා ගැනීම සම්බන්ධයෙන් වන බලාත්මක කළ හැකි මාර්ගෝපදේශ හඳුන්වාදීමට නුදුරේදීම කටයුතු කරන බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
මේ හරහා සමාගම් මගින් සිදු කරන යටිතල පහසුකම් අනුපිටපත් වීම් වළක්වා ගනිමින්, සෑම සේවා සම්පාදකයකු වෙතම වඩාත් සාධාරණ ආකාරයට දුරකතන කුලුනු වෙත සහ ෆයිබර් තාක්ෂණය වෙත යොමුවීමේ අවස්ථාව ලබා දීම අදහස බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මෙරට තුළ පළමුවරට පැවැත්වුණු 5G සංඛ්‍යාත වෙන්දේසියේ ජයග්‍රාහකයන් වන ඩයලොග් සහ මොබිටෙල් යන සමාගම්වලට අදාළ බලපත්‍ර පිරිනැමීමේ අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
“යටිතල පහසුකම් සඳහා මෙම සමාගම් විසින් දැරිය යුතු පිරිවැය අඩු කරමින්, පාරිභෝගිකයන්ට වඩාත් තරගකාරී සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ හඳුන්වා දෙනවා.“ යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
රජය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙම මාර්ගෝපදේශ සකස් කිරීමේ නිරතව සිටින බවත්, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඊට සහාය දෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රට තුළ කිසිදු සමාගමට අයත් නොමැති ස්වාධීන, මධ්‍යස්ථ විදුලි සංදේශ කුලුනු ඇතුළු යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දැනටමත් EDOTCO Services Lanka (Private) Limited නම් සමාගම වෙත බලපත්‍ර පිරිනමා තිබේ.
එම සමාගමට අනුව ශ්‍රී ලංකාවේ 5G සන්නිවේදන තාක්ෂණික ව්‍යාප්තියත් සමගින්ම 2028 වසර වනවිට තවත් අමතර සන්නිවේදන කුලුනු 7000 කට වඩා අවශ්‍ය බව පැවසෙයි.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුරකතන සමාගම් අතර යටිතල පහසුකම් බෙදා ගැනීමට උපදෙස් නිකුත් කිරීමේ සැලසුමක්