(කාංචන කුමාර ආරියදාස )
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය වැඩිවීමත් සමඟ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී තිබීම නිසා ගොවීහු දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති.
විශේෂයෙන් පහතරට එළවළු වර්ග වන වම්බටු, මෑකරල්, පිපිඤ්ඤා, ගෝවා , වට්ටක්කා ,දඹල , කැකිරි ,නෝකෝල්, රාබු , බිට් , මාළුමිරිස් , අමුමිරිස් ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 10 සිට 30 දක්වා වූ මිලකට අලෙවි වන බව ගොවීහු මෙන්ම ව්‍යාපාරිකයෝ ද කියති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තක්කාලි රැගෙන ආ ගොවීන් කියා සිටියේ තම නිෂ්පාදන කිලෝවක් සඳහා රුපියල් 10 ක මිලක් වත් නොලැබෙන බවය .
එමෙන්ම උඩරට එළවලු වන කැරට් කිලෝව රු 80ක් බෝංචි කිලෝවක් රු 70ක් හැර අනෙකුත් එළවලු වර්ගද කිලෝව රුපියල් 25 සිට 55 දක්වා මිලයකට අලෙවි වන බව ගොවින් කියති .
දඹුල්ල ආර්ථිකයේ 02 දින පවතී එළවලු කිලෝවක තොග මිලගණන් මෙසේය .ගෝවා 30-40., ලීක්ස් 25- 30, රාබු 10-15 වට්ටක්කා 15-20නෝකෝල් 30-35තක්කාලි 10-15වැටකොළු 50-60 අමුමිරිස් 30-35 වම්බටු 30-.35 ආදී විය .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අමු මිරිස් රැගෙන ආ ගොවි මහතෙකු අප සමඟ කියා සිටියේ තම නිෂ්පාදන සදහා කිලෝවට රුපියල් 30 ක35 ක මිල තබන බවත්ය .අමු මිරිස් කිලෝවක් නිෂ්පාදනය සදහා රුපියල් 60 ක් පමණ වියදම් යන බවය .
විශාල නිෂ්පාදන පිරිවැයක් දරා නිෂ්පාදනය කළ එළවළු වෙළෙඳ පොළට රැගෙන විත් ඉතා අඩු මුදලකට අලෙවි වන බවද බොහෝ එළවළු අලෙවි නොවීම නිසා විනාශ කර දැමීමට සිදු වන බව ඔවුහු කියති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැවුල මහතා කියා සිටියේ
දේශීය කෘෂිකර්මාන්තය පිළිබඳව නිසි ක්‍රමවේදයක් නොමැතිවීම මේ තත්ත්වයට උදාවී තිබෙන බවය. එමෙන්ම පසුගිය වර්ෂවල රජරට ප්‍රදේශයේ මෙන්ම ඌව පළාතේ ධාන්‍ය වර්ග වගා කළ බොහෝ ගොවීන් ධාන්‍ය වගාවෙන් ඉවත් ව එළවළු වගාවට නතුවීම නිසා විශාල වශයෙන් එළවළු තොග වෙළඳපොළට ලැබෙන බවය. ධාන්‍ය වර්ග ඉන්දියාවෙන් මෙරටට ගෙන්වීම නිසා මෙම එළවළු ගොවීන් හට විපත සිදු වී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
2025 නොවැම්බර් මස 17
83
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
921
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2538
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දඹුල්ලේ එළවළු තොග මිල පහළට
jayath Thursday, 04 October 2018 06:28 AM
අමන පාලකයෝ තොගයක් ඉන්න, කිසිම ප්‍රශ්නෙකට විසඳුම් නැති දේශයක් මේක . එදා ඉඳගෙනම ගොවියට වී ටික විකුණගන්න බැහැ- එළවලු ටික කුණුවෙලා අහක දමනවා මේක චක්‍රයක් වගේ හැමදාම වෙනවා කෘෂිකර්මයට ඇමති රොත්තක් ඉන්නවා- මිලියන ගණන් නිකන් ගෙවල බිල්ඩින් ගන්න එක ඇරෙන්න කරන -කරපු මගුලක් නැහැ හැබැයි ලබන වතාවෙත් ඔය එළවලු වීසිකරපු ගොවියෝ ටිකම අර උන්නැහේල කවුන්සලේට යවනවා ! චක්කරේ කැරකෙනවා අපි හැමෝම "මහගිරි දඹේ නගිනවා " පුහ් !